හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝමාගම ජනාධිපති විද්‍යාලයීය පාසැලේ   10 ශ්‍රේණියේ සිසු දරුවන් සදහා  කුසලතා  පාදක    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්  සැප්තැම්බර් හය (6 ) දින  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ  සුපුන්  උදාන  මහතාගේ  සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසලේ  පාසැලේ   12 හා13 ශ්‍රේණි වල සිසු දරුවන් සදහා  කුසලතා  පාදක    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය පහ  (5) දින  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ  සුපුන්  උදාන  මහතාගේ  සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

මුල්  ළමාවිය සංවර්ධන සතිය වෙනුවෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  ආර්ථික අපහසුතා  ඇති පවුල් වල 2023 වසරේ පළමු  වසරට ඇතුලත් වන දරුවන් දොලොස් දෙනෙකු  ( 12 ) වෙත පාසැල්  උපකරණ  ලබාදීම  සැප්තැම්බර්  පහ ( 5 ) දින ප්‍රාදේශීය  ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතාගේ ප්‍රදානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  පරිශ්‍රයේදී  සිදුකෙරුනා .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාගොඩ නගරය හා පනාගොඩ බටහිර  වසම්  දෙකෙහි  අඩුආදායම්ලාභී කාන්තාවන් සදහා  අත්කම් පුහුණු වැඩමුළුවක්  සැප්තැම්බර්  හතර (4 ) දින පනාගොඩ නගරය වසමේදී පැවැත්වුනි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ කදනවත්ත වසමේ  කාන්තා සමිති සාමාජිකාවන් අතරින් ස්වයං රැකියාවක් ලෙස   පහන්තිර නිෂ්පාදනය සදහා ලබාදුන්  පුහුණුවෙන් අනතුරුව  කැමැත්තක් දැක්වු කාන්තාවන් සදහා පහන්තිර නිෂ්පාදන මැෂිම සහිත අමු ද්‍රව්‍ය කට්ටල බෙදා දීම පසුගිය  තුන්වෙනිදා (3 ) කදනවත්ත ග්‍රාමයේ දී සිදුකරන ලදී .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top