හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්යය සංවිධානයේ නිලවරණය හා  කාන්තාවන්  වෙනුවෙන් පහන් තිර පුහුණු වැඩසටහනක්  පසුගිය තුන්වෙනි දින ( 3 ) කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ දී  පැවැත්වුනි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රාහ්මණගම " සදීනා" වැඩිහිටි  නිවාසයේ වැඩිහිටියන්  සුරුකීමේ පදනම මගීන්  අඩුආදායම්ලාභී පවුල්  පනස්  දෙනෙකු ( 50) සදහා වියළි ආහාර මළු ලබාදීමක් හා පැදුරු සාජ්ජයක් කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මියගේ  හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන්  ඉකුත්  දෙවන ( 2 ) දින  සදීනා  වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී සිදුකෙරින.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ  පාසැලේ  9,10 හා11 ශ්‍රේණි වල සිසු දරුවන් සදහා  කුසලතා  පාදක    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව හා නව යොවුන් වියේ සිදුුවන කායික මානසික වෙනස්කම් පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු තිහ (30) දින පවත්වන ලදී.

හෝමාගම කහතුඩුව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්යය  මණ්ඩලයට සහ  කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන  සහකාර  නිලධාරීන් සදහා  මත්ද්‍රව්‍ය ගැටලු ආශ්‍රිත දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ඵලදායිතා ක්‍රියාවලිය සම්බන්ධ සහ සාකච්ඡාවක් පසුගිය විසිනම (29 ) වෙනිදා  කහතුඩුව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේදී  සිදුකරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කලාකරුවන්  වෙත  ඉන්දියන් සහනාධාර යටතේ  ලද සහල්   බෙදාදීම     ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී  පසුගියදා සිදුකරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top