හෝමාගම කහතුඩුව පොලිස් ස්ථානයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සංවිධානයෙන්   වෑතර  මහ විද්‍යාලයේ  සිසු දරුවන් සදහා  යහපත් ළමා  පරපුරක්  ගොඩනැගීමේ අරමුණින්  "ළමා ආරක්ෂාව "  පිළිබද  දැනුවත්  කිරීමේ  වැඩසටහනක් අද දිනදී ( අගෝස්තු 18  ) පවත්වන ලද්දේ  වෑතර මහ විද්‍යාලයීය  ශාලාවේදී .

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ   හෙරලියාවල ග්‍රාම නිලධාරී  වසමේ  කාන්තාවන්  වෙනුවෙන්   අහාර සුරක්ෂිතාවය පිලිබඳ පුහුණු වඩමුළුවක් අගෝස්තු දහහත් (17 ) වන දින  හෙරලියාවල සුදර්මාරාම විහාරස්ථානයේදී පවත්වන ලද්දේ    විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ  හා ව්‍යවසායකත්වය පිළිබද දැනුවත් කිරීම  විදාතා   ක්ෂේත්‍ර සම්බන්ධිකාරක  නිලධාරී  මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් .

හෝමාගම පුාදේශීය ලේකම්  කොට්ඨාසයේ     හෝමාගම බටහිර  වසමේ  කාන්තාවන්  වෙනුවෙන්  ආහාර සුරක්ෂිතතාවය පිළිබද ප්‍රායෝගික  පුහුණු  වැඩමුළුවක් ඉකුත්  නවවෙනිදා (9) පවත්වනු ලැබූයේ හෝමාගම  බටහිර පුරාණ විහාරස්ථානයේ දී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව  උතුර  ග්‍රාම නිලධාරී වසමේ  සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින්  ඇතුළු  ප්‍රජාව  වෙත ආරවුල් , ගැටුම් හා මතභේද නිසා අවපීඩනයෙන්  සිටින  පවුල්  සදහා   සාමකාමී සමාජයක අගය හා  ආරවුල් නිරවුල්කරණයට  සමථකරණයෙන් ලැබෙන සහාය සම්බන්ධීකරනයෙන්   සමථ සංවර්ධන  නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මියගේ  සම්පත්දායකත්වයෙන් ද අපනයන ක්‍රියාවලිය හාදැනට අපනයන මට්ටමින් පවත්වාගෙන යන ව්‍යාපෘති  සම්බන්ධයෙන් තොරතුරු  රැස්කිරීම සම්බන්ධව අපනයන සංවර්ධන  නිලධාරී  ලිමාලි ගුණරත්න මහත්මියගේ සම්පත්දායකත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  පසුගිය දහසය ( 16 ) වෙනිදා  සිදුකෙරුනේ  මූණමලේවත්ත  සුබෝධාරාම  විහාරස්ථානයේදී .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර  සංවර්ධන  අංශය  මගීන් කාර්යාලයීය නිලධාරීන්ගේ  ද සහාය ඇතිව

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top