කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ක්‍රියාත්මක " අහරින් සපිරි කොලොම්තොටක් " ගෙවතු වගා සංග්‍රාමයට සමගාමීව ක්‍රියාත්මක දියගම නැගෙනහිර " සවිමත්" ළමා සමාජයේ දරුවන් විසින් ආරම්භ කරනු ලැබූ ගෙවතු වගාවන් නිරීක්ෂනය කිරීම පසුගියදා සිදුකෙරුනේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තේජන්ති වීරසේන මහත්මියගේ හා දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරිනී ආර්.එම් .ඩී.ජී.කේ.රාජසිංහ මහත්මිය , සංවර්ධන නිලධාරිනී ජයනි ප්‍රදීපා අමරතුංග මහත්මියගේ සහභාගිත්වයෙන් .
මෙදිනම එම ළමා සමාජ රැස්වීමද ග්‍රාම නිලධාරී කාර්යාලයීය ශාලාවේදී පැවති අතර එහිදී ළමා සමාජ දරුවන් සදහා එළවළු බීජ පැකට් ලබාදීමද සිදුකෙරුනා..
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත මෙම ගෙවතු වගා සංග්‍රාම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.









තවත් කියවන්න: හෝමාගම දියගම නැගෙනහිර " සවිමත්" ළමා සමාජ දරුවන්ගේ ගෙවතු පරීක්ෂාව
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝමාගම ජනාධිපති විද්‍යාලයේ 8 ශ්‍රේණි අංශයට අදාල සිසු දරුවන් සදහා කුසලතා පාදක කණ්ඩායම් ක්‍රියාකාරකම් සමගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු 08 දිනදී සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක , තොරතුරු සහකාර දුල්ෂානි මහානාම , මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ , මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරී දිල්හාරා වරාගොඩ , තොරතුරු සහකාර සුපුන් උදාන හා නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ සංවර්ධන නිලධාරී සුදාර ප්‍රියනාත් යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන්.
තවත් කියවන්න: හෝමාගම ජනාධිපති විද්‍යාලයීය සිසු දරුවන් සදහා කුසලතා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්
නිශ්ශංක හපුආරච්චිගේ මහතාගේ ගී පද රචනයෙන් හා රෝහණ ධර්මකීර්ති මහතාගේ ගී තනු නිර්මාණයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන බහුකාර්ය සංවර්ධන සහායිකා විශාරද ප්‍රාර්ථනා ජයතිලක මහත්මියගේ සුමියුරු ගායනයෙන් ද බහුකාර්ය සංවර්ධන සහායක ටිලාන් ජයකොඩි මහතාගේ අධ්‍යක්ෂනය, සංස්කරණය සහ කැමරාකරණය යන ත්‍රිත්වයෙන් ද බහුකාර්ය සංවර්ධන සහායක දිනේෂ් කපුරුගේ මහතාගේ හා ඔෂිකා කුමුදුනී යන මහත්මියගේ රංගන දායකත්වයෙන් ද නිර්මාණය වූ " මං නුඹගේ තවමත් " සංයුක්ත ගී තැටිය එළිදැක්වීම හා එම ගී තැටිය හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා වෙත පිළිගැන්වීම එම බහුකාර්ය සංවර්ධන සහායකවරුන් විසින් සිදුකෙරුනේ ඉකුත් පස්වෙනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .
සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතා, ගණකාධිකාරි පුබුදු කුරුප්පු අච්චිගේ මහතා ඇතුළු කාර්යාලයීය නිලධාරීන් හා හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්වූහ .






හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ස්වෙච්ඡා සංවිධාන ක්‍රියාකාරිකයින් හා ප්‍රජාව වෙත සාමකාමී සමාජයක අගය හා ආරවුල් නිරවුල්කරණයට සමථකරණය යන මැයෙන් සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මියගේ සම්පත්දායකත්වයෙන් ද අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපනයන සංවර්ධන නිලධාරී ලිමාලි ගුණරත්න මහත්මියගේ සම්පත්දායකත්වයෙන් ද ඵලදායිතා සංකල්පය හා එදිනෙදා ජීවිතයට එහි ඇති හරය සම්බන්ධයෙන් ඵලදායීතා සංවර්ධන නිලධාරී එම්.බී.ඩී.ඩයස් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ද දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු හයවෙනි ( 6 ) දා සිදුකෙරුනේ දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කාර්‍යාලයේ දී .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුල්ලේගම ශ්‍රී සුචරිතෝදය දහම් පාසැලේ සිසු දරුවන් සදහා කුසලතා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පසුගිය 31 ඉරිදා දිනයේදී පැවැත්වුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක මෙනවියගේ සම්පත් දායකත්වයෙන්.














