හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශය හා එක්ව සිටින කාන්තා  ව්‍යවසායකයින්  සදහා  ආහාර  කල්තබා ගැනීමේ ආහාර තාක්ෂණ පුහුණු වැඩමුළුවක් ඉකුත් 22 දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනේ  සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන්.

වර්තමානයේ  ශ්‍රී ලංකාව තුළ මතුවී ඇති ආර්ථික  අර්බුදය හමුවේ ආහාර  අර්බුදය ජයගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව ක්‍රියාත්මක  " අහරින්  සපිරි කොළොම්තොටක්  " වැඩසටහන  යටතේ  හෝමාගම කොට්ඨාශයේ කරන ලද වගාවන්   පිළිබදව  දිස්ත්‍රික් ලේකම් තුමාගේ  ක්ෂේත්‍ර නිරීක්ෂනයට ලක්වූයේ ජූලි  19 වෙනිදා .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  හෝමාගම ජනාධිපති විද්‍යාලයේ  අටවන ( 8 ) ශ්‍රේණියේ සිසු  දරුවන් සදහා  " වර්තමාන අභියෝග හමුවේ  " අගය කළයුතු  දරුවෙකු  වන්නේ තෙසේද ? " යන්න පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්     සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් .කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන්  සිදුකෙරුනේ ඉකුත් 27  දිනදී ජනාධිපති විද්‍යාලයීය  ශාලාවේදී .

හෝමාගම ප්‍රාදේශීය ළමා සංවර්ධන  කමිටු රැස්වීම  ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන්    ඉකුත්දා  පැවැත්වුනේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලයේ 10,11,12 හා 13 ශ්‍රේණිවල  සිසු දරුවන් සදහා  කුසලතා  පාදක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් 24 දිනදී  සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන් උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන්.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top