හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසැලේ 8  ශ්‍රේණි අංශයට අදාල පන්ති හතරක ( 4 ) සිසු දරුවන් සදහා  කුසලතා  පාදක  කණ්ඩායම්  ක්‍රියාකාරකම්  සමගින්  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු  01 දිනදී  සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක , තොරතුරු නිලධාරී  චන්දිමා වීරක්කොඩි, මනෝ   විද්‍යාඥ භාග්‍යා අබේසිංහ  හා තොරතුරු සහකාර සුපුන් උදාන  යන මහත්ම මහත්මීන්ගේ  සම්පත් දායකත්වයෙන්.


 

පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ  විදුහල්පති තුමා  ඇතුළු  ආචාර්යය  මණ්ඩලයේ  සහායද  මෙම වැඩසටහනට හිමි විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ  අංශයේ  මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර  මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා

Image00001Askillbaseddrugprevention

Image00002Askillbaseddrugprevention

Image00003Askillbaseddrugprevention

Image00004Askillbaseddrugprevention

Image00005Askillbaseddrugprevention

Image00006Askillbaseddrugprevention

Image00007Askillbaseddrugprevention

Image00008Askillbaseddrugprevention

ජූලි 30 දිනට යෙදෙන ක්‍රීඩා දිනය සමරමින්  හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයට අනුයුක්තව  සේවය කරන කාන්තා නිලධාරිනියන්  සදහා  නෙට්බෝල් හා වොලිබෝල් ක්‍රීඩා පුහුණු වැඩසටහනක්    පසුගිය 29 දා  පැවැත්වුනේ  හෝමාගම මහ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී.

කොළඹ දිස්ත්‍රික්  ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  අතර නිලදරුවන් අතර පැවැත්වූ  "Voice of Colombo" රියැලිටි  ගීත තරගාවලියේ  ප්‍රථම ස්ථානය දිනාගත්  සුජානි මධුෂිකා හෙට්ටිආරච්චි  මහත්මිය සදහා  රචනය වූ  " නෑවිදින් සද" ගීතයත් දෙවන  ස්ථානය දිනාගත් සමන්ත ශ්‍රී  උදුගොඩගේ මහතා වෙත රචනයවූ " පහන් කනුව යට අදුරුයි" ගීතයත්  ඇතුලත්  ගීත තැටි  දිස්ත්‍රික් ලේකම්  ප්‍රදීප් යසරත්න මහතා  වෙත හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා  වෙත පිළිගැන්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  ජූලි 28 දිනදී  සිදුකෙරුනේ එම     ගීත පදරචනය කල   ලේඛිකාවක  වන  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන  නිලධාරිනී තක්ෂිලා  නිමාලි වික්‍රමආරච්චි මහත්මිය විසින් .

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂන මණ්ඩලය  මගීන්  ක්‍රියාත්මක කරනු  ලබන සමාජ ආරක්ෂන  විශ්‍රාම වැටුප්  ක්‍රමයට කොළඹ දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  අතුරින්  වැඩිම  දායකත්වයක් ලබාදීමට කටයුතු  කළ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා වැඩිම මුදලකින්  දායකත්වය  ලබාදීමට කටයුතු  කළ  සංවර්ධන  නිලධාරිනී එල්.ඩී.ඉරේෂා  මහත්මියට දිරි දීමනා  ප්‍රදානය ඉකුත්  28 දිනදී  සිදුකෙරුනේ  කොළඹ දිස්ත්‍රික්  ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ  ප්‍රදානත්වයෙන්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී .

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ  හා  ගොඩගම  මාතෘ  හා ළදරු සායනයන්හි ගර්භණී මව්වරුන්  සදහා පවුල් පාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්  දෙකක්  පසුගිය  දිනයන්හීදී පැවැත්වුනේ  අන්තරායකර ඖෂධ පාලක  ජාතික මණ්ඩලයේ  නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන්  උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන් .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top