සාමකාමී පවුලක හා සමාජයක ඇති වටිනාකම හා  ආරවුල්වලින් තොර සමාජයක් පවත්වා ගැනීමේ වටිනාකම, සමථ මණ්ඩලයෙහි  කාර්‍යභාර්ය ,ආරවුල්  නිරවුල්කරණයට සමථකරණය යන ප්‍රස්ථුත කේන්ද්‍ර කරගනිමින්ද, එළැඹෙන  ආහාර   අර්බුදය සදහා ගෙවතු වගා කටයුතු  සිදු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් හෝමාගම උතුර,දකුණ,නැගෙනහිර හා බටහිර වසම් ආවරණය වන පරිදි ජුනි 26 වෙනිදා  සණස සමීති සාමාජිකයින් දැනුවත් කිරීමක් සිදුකෙරුනේ  හෝමාගම උතුර  සණස සමීති ශාලාවේදී .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා ඒකකය හරහා පිහිටුවා ඇති  " ළමා සභා " රැස්වීම  පසුගියදා  ( 24 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රැස්වීම්  ශාලාවේදී පැවැත්වුනේ  සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස්. කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ආටිගල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය සැලැස්ම සැකසීමේ වැඩසටහන හා වගා නොකරන ඉඩම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනක් ආටිගල නැගෙනහිර විහාරස්ථානයෙදී  සහකාර අධ්‍යක්ෂ ඉඩම් පරිහරණය සැලැසුම් නිලධාරීගේ මූලිකත්වයෙන් පැවැත්වූයේ ජුනි 22 දින දී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙර පාසැල්  දරුවන් අසූ දෙනෙකු ට ( 80 ) හා දෙමාපියන් , පෙර පාසැල් ගුරුභවතුන්  වෙත C.B.L. ආයතනයේ  අනුග්‍රහයෙන් " දිනන  දරුවෝ " වැඩසටහන ඉකුත් 22 දිනදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්වුනේ  සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් . කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගොඩ දෙණිය ග්‍රාම සංවර්ධන  සමිතියේ සාමාජික සාමාජිකාවන්  සදහා නාගරික ගෙවතු  වගාව පිළිබද  පුහුණු වැඩසටහනක්     ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනේ ජුනි 23 දී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top