හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන නගරය ග්‍රාම නිලධාරී වසමේ පොසොන් පොහොය නිමිති කරගෙන ධර්ම දේශනා පිංකමක් පසුගියදා පැවැත්වුනේ පිටිපන නගරය ජනක වැලිවත්ත ප්‍රජා ශාලාවේදී .
මාගම්මන සරණ ධම්ම විවේකාශ්‍රමයේ විහාරාධිකාරි පූජ්‍ය නිකවැව පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙදින ධර්ම දේශනය පවත්වනු ලැබීය.
පිටිපන නගරය සමෘද්ධි සංවර්ධන නිලධාරිනී තුෂාරි කුමුදුනී මහත්මියගේ උපදෙස් මත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය විසින් මෙම ධර්ම දේශනා පිංකම සංවිධානය කරනු ලැබීය .



කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල ක්‍රියාත්මක කරනු ලබන " නැණ මිණි " කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහනේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ " නැණ මිණි " ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන මැයි 24 දිනදී සිදුකෙරුනේ දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී.
" හරිත දැයක් " ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරකඩ දකුණ , හේනවත්ක හා ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී වසම්හි ග්‍රාමීය ගෘහ ඒකක වෙත එළවළු පැල ලබාදීම ඉකුත් දිනවලදී හබරකඩ දකුණ ,හේනවත්ක හා ගොඩගම දකුණ ග්‍රාම නිලධාරී වසම් හීදී ප්‍රාදේශීය මහජන නියෝජිතයින් ඇතුළු ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ ප්‍රදානත්වයෙන් සිදුකරනු ලැබු අතර අදාල වසම්හි ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්වූහ .





කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නීරීක්ෂනය හා අත්දැකීම් හුවමාරු වැඩසටහන යටතේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කටයුතු නිරීක්ෂණය මැයි 24 දිනදී සිදුකෙරුනේ දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රදානත්වයෙන් .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ලෙගම උතුර ග්‍රාම නිලධාරී වසම ප්‍රධානව ඒ අවට ග්‍රාම නිලධාරී වසම්හි ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සංවිධානය කල ඡංගම සේවයක් මුල්ලේගම මහ විද්‍යාලයේදී ඉකුත් දෙවෙනිදා ( 2 ) පැවැත්වුනේ සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් .
















