47 වන ජාතික  මහ ක්‍රීඩා  උළෙලට  සමගාමිව  පසුගියදා පවත්වනු  ලැබූ  කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  ක්‍රීඩා  තරගාවලියේ මුළු ලකුණු හැට අටක් ( 68 ) ක් ලබා ගනිමින් සමස්ත තරගාවලියේ  කණ්ඩායම්  ශූරතාවය, මළල ක්‍රීඩා  ශූරතාවය  ඇතුළු සමස්ථ ශූරතාවය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින්  සහභාගි  වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලැබීය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන ඉලක්ක කර ගනිමින් ක්‍රියාවට නංවන වැඩසටහන් මාලාව යටතේ එක් පෙළඹළවීමේ වැඩසටහනක් පසුගිය දහසය (16) වන දිනදී ප්‍රාදේශීය ලේකම්  කාර්යාලීය ශ්‍රවනාගායේ දී පවත්වන ලද්දේ  ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන්.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තේගොඩ මධ්‍යම බී ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සාමාජිකාවන්  වෙත  වෘත්තීය පුහුණු  , පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවන්  හා සමාජ  සංවර්ධන වැඩසටහන් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්  19 දා මත්තේගොඩ මධ්‍යම බී වසමේ ප්‍රජා  ශාලාවේ දී සිදුකෙරුනේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරිනියන් වන ඒ.නන්දනී හා ටී.එම්.රේණුකා යන මහත්මීන් , නිපුණතා සංවර්ධන නිලධාරිනී ඩී.එන්.සී.චන්ද්‍රකාන්ති මහත්මියගේ හා සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරිනී චමිලා ජයතුංග මහත්මියගේ සහභාගිත්වයෙන්.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  විසිතුරු මත්ස්‍ය වගාකරුවන් සදහා 

විසිතුරු මසුන් අපනයනය සදහා අවශ්‍ය  "විසිතුරු මත්ස්‍ය නිරෝධායනය සහ ඇසුරුම්කරණය " මැයෙන් එක්දින පුහුණු වැඩසටහනක්  ඉකුත් 17 වන දිනදී  හත්ලහගොඩ "නියෝන් ෆාම්" හිදී පැවැත්විණි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ  සංකල්පයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාස අතර ක්‍රියාත්මක  " අහරින් සපිරි කොලොම්තොටක් " ගෙවතු  වගා සංග්‍රාමයට සමගාමීව  මත්තේගොඩ නැගෙනහිර  ග්‍රාම සංවර්ධන සමීති  සාමාජිකයින්   වෙත නාගරික ගෙවතු වගාව  පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක්  ඉකුත්  18 දින පවත්වන  ලද්දේ  මත්තේගොඩ  නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ දී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top