අපනයනය අරමුණු කරගනිමින් පිහිටුවන ලද විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමයේ රැස්වීමක් ඉකුත්දා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: හෝමාගම විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමයේ රැස්වීම පැවැත්වෙයි
හෝමාගම ප්‍රාදේශිය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත Life For All පදනමේ පූර්ණ අනුග්‍රාහය යටතේ විව්ධ කාරණා නිසාවෙන් අසරණව පිහිටක්,සවියක් ඇවැසි ළමා හා කාන්තා ඒකකයේ අවධානය යොමු වු ගෘහ මූලික කාන්තා පවුල් 20 ක් සදහා පහන්තිර නිෂ්පාදන මැෂිම හා අමුද්‍රව්‍ය කට්ටලයන් ලබා දීම පසුගියදා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයීය ශ්‍රවණාගාරයේදී සහකාර ප්‍රාදේශිය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
තවත් කියවන්න: අඩුආදායම්ලාභී ගෘහ මූලික කාන්තා පවුල් සදහා පහන්තිර නිෂ්පාදන උපකරණ ලබාදීම / හෝමාගම
හෙට්ටිගේ ඔය කන්න රැස්වීම මුල්ලේගම උතුර සණස ශාලාවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් විසි පහ (25) දිනදී පවත්වන ලදී .
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහ සංගම් අංශය හා සභා ශ්‍රී ලංකා පදනම එක්ව සංවිධානය කරන ලද "ගෘහාශ්‍රිතව ඇගළුම් කර්මාන්තයෙහි නියැලී සිටින කාන්තාවන් සංවර්ධන කිරීමේ සිව්දින ( 4 ) පුහුණු වැඩසටහනක් සැප්තැම්බර් විසිහය ( 26 ) දිනදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කරන ලදී .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන කනිෂ්ඨ විද්‍යාලයීය සිදු දරුවන් සදහා සූර්ය නමස්කාරය මූලික කර ගත් යෝගාසන වැඩසටහනක් පසුගියදා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වුනේ හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මාතාජී දිසානායක මහත්මියගේ සම්පත් දායකත්වයෙන්.
තවත් කියවන්න: පාසැල් සිසු දරුවන් සදහා යෝගාසන වැඩසටහනක් / හෝමාගම














