හෝමාගම දකුණ  ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද  දැනුවත් කිරීමේ වැඩසටහනක්  හෝමාගම දකුණ  ග්‍රාමයේදී   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ  උපදේශන සහකාර ( බාහිර සේවා) පී.ඒ.එන්.පද්මසිරි, සංවර්ධන නිලධාරී  ගිෂානි උමේගා ,මත්ද්‍රව්‍ය නිවාරණ සහායක දිනේෂ් ප්‍රියසාද් යන මහත්ම මහත්මීන්ගේ  සහභාගිත්වයෙන් සිදුකරන  ලදී.

සංඝාරාම  හා සිද්දමුල්ල  ග්‍රාම නිලධාරී වසම්හි ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද  දැනුවත් කිරීමේ වැඩසටහනක්  සංඝාරාම ග්‍රාමයේදී   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ  උපදේශන සහකාර ( බාහිර සේවා) පී.ඒ.එන්.පද්මසිරි, සංවර්ධන නිලධාරී  ගිෂානි උමේගා ,මත්ද්‍රව්‍ය නිවාරණ සහායක දිනේෂ් ප්‍රියසාද් යන මහත්ම මහත්මීන්ගේ  සහභාගිත්වයෙන් සිදුකරන  ලදී.

ලෝක වැඩිහිටි  දිනය සමරමින්  හෝමාගම  කොට්ඨාසයේ මීගස්මුල්ල  ග්‍රාම නිලධාරී  වසමේ  වැඩිහිටියන්  උදෙසා  දිවා දානය පිරිනැමීම ලෝක වැඩිහිටි දිනයේදී  මීගස්මුල්ල ග්‍රාම නිලධාරී කාර්යාලයේදී  සිදුකරන ලදී.

හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම  ග්‍රාම නිලධාරී වසමේ  පදිංචි මාවත්ගම  කණිෂ්ඨ  විද්‍යාලයේ  9 ශ්‍රේණියේ  ඉගෙනුම  ලබන  දිනුෂි උදාරා මල්වත්ත දියණිය  විසින්  රචිත  " සිහින මාළිගා" කෙටි කතා  පොත හා "සිරගත නොවූ සිතුවිලි " කවිපොත  දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න   මහතා , ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක  මහතා හා සහකාර ප්‍රාදේශීය ලේකම්  බී.එස්.කැකුලාවල  මහතා වෙත පිළිගැන්වීම   ඔක්තෝම්බර් මස හතර වෙනිදා (4 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සිදුකරන ලදී.

ලෝක ළමා  හා වැඩිහිටි  දිනය සමරමින්  හෝමාගම  කොට්ඨාසයේ  පනාගොඩ නගරය ග්‍රාම නිලධාරී  වසමේ  වැඩිහිටියන්  උදෙසා  දිවා ආහාරය හා සමෘද්ධි කැකුළු ළමා  සමාජ දූ දරුවන් වෙනුවෙන් පහලොස් දෙනෙකු (15 )පාසැල් පාවහන්  වවුචර් පත්  ලබාදීම  ඔක්තෝම්බර් මස තුන (3) දිනදී  පනාගොඩ නගරය ප්‍රජා ශාලාවේදී  සිදුකරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top