පෙර පාසැල්  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන්  පෙර පාසැල් දරුවන්  ඉලක්ක කරගනිමින්  උදෑසන පෝෂණ වැඩසටහන්    දීප ව්‍යාප්තව  ක්‍රියාවට නැන්වූ  වැඩසටහනට සමගාමීව  හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  ප්‍රාදේශීය වැඩසටහන  රිලාවල ග්‍රාම නිලධාරී වසමේ "සමාධි " හා "ලිට්ල් ලීඩර්ස් " පෙරපාසැල් දෙකෙහි  දරුවන් සදහා  උදෑසන ආහාරය ලබාදීම හා පෙර පාසැල් දරුවන්ගේ බර කිරීම  අද දින  (ඔක්තෝම්බර්  17) රිලාවල  ග්‍රාමයේදී  සිදුකෙරින.

හෝමාගම පිටිපන කණිෂ්ඨ  විද්‍යාලයේ 5 ශ්‍රේණිය  සිසුන් සඳහා දේශීය ශාක පත්‍ර පිළිබඳ ආයුර්වේදීය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/10/13 දින එම  විද්‍යාලයේ දී පැවැත්විණි .

ලෝක ළමා  හා වැඩිහිටි දිනය නිමිත්තෙන්  හෝමාගම   කහතුඩුව උතුර   ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු  ළමා  සමාජ සාමාජිකයින්ගේ ඉතුරුම් ප්‍රවර්ධනය කිරීමේ  අරමුණින්  ඉතුරුම් කැට ලබාදීම හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින්  වෙනුවෙන්  රසවින්දනාත්මක වැඩසටහනක්   ලෝක ළමා හා වැඩිහිටි දිනය දා    කහතුඩුව උතුර  ග්‍රාම නිලධාරී  වසමේදී  සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  තුෂාරි  ඉලේපෙරුම මහත්මියගේ  මූලිකත්වයෙන් හා  සමෘද්ධි  ප්‍රජා  මූල සංවිධානයේ  සංවිධානයෙන්  සිදුකරන ලදී.

හෝමාගම ජනාධිපති විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) හදාරණ දරුවන්ට උසස් පෙළ විෂය ධාරාව තෝරා ගැනීම සදහා මග පෙන්වීමේ වැඩසටහනක් 2022.10.13 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදී. මෙහිදී සිසු දරුවන් 200කට පමණ පංති මට්ටමින් "වෘත්තීය යතුර" මනෝමිතික පරීක්ෂණයක් සිදු කරන ලදී.

ලෝක ළමා  දිනය නිමිත්තෙන්  හෝමාගම   කහතුඩුව දකුණ  ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු  ළමා  සමාජ සාමාජිකයින්ගේ ඉතුරුම් ප්‍රවර්ධනය කිරීමේ  අරමුණින්  ඉතුරුම් කැට ලබාදීමක්  ලෝක ළමා දිනය දා    කහතුඩුව දකුණ  ග්‍රාම නිලධාරී  වසමේදී  සමෘද්ධි සංවර්ධන නිලධාරිනී  කේ.ජයන්ති  මහත්මියගේ  මූලිකත්වයෙන් හා  සමෘද්ධි  ප්‍රජා  මූල සංවිධානයේ  සංවිධානයෙන්  සිදුකරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top