ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ කාන්තාවන් ආර්ථික ජිවනෝපායන් වෙත යොමු කිරීමේ අරමුණින් තෝරාගත් ප්‍රතිලාභී කාන්තාවන් 25 කගේ අවශ්‍යතා හා ශක්‍යතා හඳුනා ගැනීමේ හමුවක් 2022.10.28 වන දින සුවපුබුදුගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් හා ප්‍රජාව ඉලක්ක‌ කර ගනිමින් පවත්වන ලදී.

මෙවරත් අති උත්කර්ෂවත්ව  හෝමාගමදී ...........

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද හෝමාගම ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය පසුගිය දා  උත්සවශ්‍රීයෙන්  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.

හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ  වෛද්‍යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද ආයුර්වේද වෛද්‍ය සායනයක් 2022.10.23 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහතුඩුව නැගෙනහිර වසමේ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.

හෝමාගම උතුර කාන්තා සමිතිය , leo club හා  එක්ව දියත් කළ ගෙවතු වගා ව්‍යාපෘතියේ හදුනාගත් අවශ්‍යතා මත පදනම්ව එළවළු බීජ පැකට්, කාන්තා සමිති සාමාජිකාවන් අතර බෙදා දීම 2022-10-30 වන දින හෝමාගමඋතුර  කාන්තා ගෙවතු පරිශ්‍රයේදී සිදුවිය.

මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රතිකාරය හා පුනරුත්ථාපනය යන තේමාව යටතේ පාසල් දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.21 වන දින සිද්දමුල්ල මද්දුම බංඩාර ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විය.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top