හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ නගරය සමෘද්ධි මහා සභා රැස්වීම 2022.11.14 වන දින රොමියෙල් මාවත ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.
තවත් කියවන්න: සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමක් හෝමාගමදී..
පවතින ආර්ථික තත්වයට යම් අයුරකින් සාර්ථක මුහුණ දිමට ප්‍රජාව තුල උනන්දුවක් සහ අභිප්‍රේරණයක් ඇති කරමින් ස්වයං රැකියාවක් ලෙස සිය ආර්ථික ස්ථාවරත්වය නගා සිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන 2022-11-12 වන දින දියගම නැගෙනහිර වසමෙහිදී පවත්වන්නට යෙදුණි.
තවත් කියවන්න: දේශීය අලවර්ග ඇසුරින් දේශීය ආහාර පාන සකස් කිරීමේ වැඩසටහනක් හෝමාගම දී...
අනාගත ලොවෙහි හිමිකරුවන් ලෙස දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ හෙට දවස වඩාත් සුරක්ෂිත සහ සුවදායීව ගොඩනැගීම කාලෝචිත අවශ්‍යතාවයකි. එකී අරමුණද සහිතව ඔවුන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම,පෞරුෂත්ව සංවර්ධනය කිරීමද මත්ද්‍රව්‍ය භාවිතය, ජංගම දුරකථන ඇබ්බැහිය ආදී ගැටලු හඳුනාගනිමින් ඒවා වැළැක්වීම මෙන්ම යහපත් සෞඛ්‍ය රඳා පවත්වා ගැනීම ආදී කාරණාවන් අරමුණු කොට ගනිමින් මෙම වැඩසටහන 2022-11-11 වන දින දී පවත්වන ලදී.
තවත් කියවන්න: ළමා සංවර්ධනය පිළිබඳ මනෝ විද්‍යාත්මක දැනුවත් කිරීමක් හෝමාගම දී.........
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 486/A හෝමාගම නගරය ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම 2022.11.11 වන දින සිදු කරන ලදී.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කෙරේ.......
පවතින ආර්ථික හා සමාජීය ගැටලු හමුවේ ආරවුල් වලින් තොර සාමකාමී සමාජයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම, ඉන් ලැබෙන මානසික සුවය ඇතුළුව සමථකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕවිටිගම ග්‍රාම නිලධාරී වසමේ දී, සමථ සංවර්ධන නිලධාරී තුමිය විසින් 2022.11.10 වන දින කාන්තා සමුපකාර සමිති සාමාජිකයින් සඳහා සිදු කෙරුණි.
තවත් කියවන්න: සමථකරණය හා අපනයන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කිරීමක් හෝමාගමදී














