ව්‍යාපාරික දැනුම ලබාදීම හා ව්‍යවසායකයින්ගේ  පුද්ගල දිවියට සාධනීය අත්වැලක් සැපයීම අරමුණු කොටගෙන සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-11-22 වන දින හෙරලියාවල ශ්‍රී සුධර්මාරාමය විහාරස්ථානයේ දී පැවැත්විණ.

හෝමාගම   වල්පිට ග්‍රාම නිලධාරී  කොට්ඨාසයේ  තරුණ කණ්ඩායම  වෙනුවෙන්  " තරුණ සංවර්ධනය සඳහා වූ මනෝ උපදේශන වැඩමුළුවක් " නොවැම්බර් විසිවන දිනදී (20 ) වල්පිට  ප්‍රජා ශාලාවේදී  පැවැත්වින.

හෝමාගම   ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත්  වටරැක දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  ප්‍රජාව වෙනුවෙන්  බටහිර  වෛද්‍ය  සායනයක්  ඉකුත් දහනම වෙනි දින (19)  වටරැක දකුණ  සේවා පියසේදී පවත්වනු ලැබූයේ  හෝමාගම   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයීය  සෞඛ්‍ය  කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් .

හෝමාගම   ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  උඩුවන  ග්‍රාම  නිලධාරී  කොට්ඨාසයේ  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයෙහි සාමාජිකයින්  සදහා  මත්ද්‍රව්‍ය  නිවාරණය  හා ළමා  ආරක්ෂාව , කාන්තා හිංසනය පිළිබද  දැනුවත් කිරීමක් පසුගිය  දහනම වෙනි දින (19 )  උඩුවන සුපේෂලාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි.

හෝමාගම   ගලවිලවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජයේ  දරු දැරියන්  වෙනුවෙන්  ලෝක ළමා  දිනයදා  පැවැත්වූ  චිත්‍ර තරගාවලියේ  ත්‍යාග ප්‍රදානෝත්සවය හා චිත්‍ර  ප්‍රදර්ශනය  නොවැම්බර්  දහඅට (18 ) දින ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top