ප්‍රාදේශීය ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ   දියගම බටහිර  ග්‍රාම නිලධාරී වසමේ  අවුරුදු  35 ත් 65 ත් අතර  ප්‍රජාව  වෙනුවෙන්  වෛද්‍ය  සායනයක්  පසුගියදා  (16 )  දියගම බටහිර කුරුදුවත්ත ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී .

"මානසික ගැටලු කළමනාකරණය සහ ආර්ථික අර්බුදය හමුවේ මානසික හැඩගැස්ම" යන මාතෘකාව යටතේ සිදුකරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2022.11.17 වන දින මීගොඩ දකුණ ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 595 හෙරලියාවල ග්‍රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම  2022.11.17 වන දින ශ්‍රී  සුධර්මාරාම  පුරාණ විහාරස්ථානයේදී  සිදු කෙරුණි.

2022/11/17 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටිපන උතුර ග්‍රාම නිලධාරි වසමේ සිටින පාසල් ළමුන්ගේ දෙමාපියන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදය සඳහා දායක කරගැනීමේ අරමුණින්, "ගෘහස්ථ මූල්‍ය කළමනාකරණය හා සමාජ ආරක්ෂණ ක්‍රමවේද" පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පිටිපන උතුර වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය චන්ද්‍රකාන්ති රත්නායක මහත්මියගේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් පිටිපන කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි.

ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහන යටතේ   දියගම කනිෂ්ඨ විද්‍යාලයීය සිසු  දරුවන්ගේ දෙමව්පියන් සඳහා කාන්තා පාසැල් නිළ ඇඳුම මසා ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු  වැඩමුළුවක් පසුගිය දහවෙනි දින (10 ) දියගම කණිෂ්ඨ විද්‍යාලයීය ශාලාවේදී  පැවැත්විණි,

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top