තෝරාගත් අවදානම් පවුල් 40 ක දරුවන් සඳහා සහනාධාර බෙදා දීමේ වැඩසටහනක් 2022.11.11 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් හා බැඳී පවතින වගකීම් හා පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද දරුවන් නොකඩවා පාසල් යැවීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.10 වන දින  කහතුඩුව ඩබ්.එම් පෙරේරා කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් එම විද්‍යාලයේදී පැවැත්විණි.

 පවතින ආර්ථික තත්වයට වඩාත් හොඳින් මුහුණදීමට  , ගෘහාශ්‍රිත   වගාවන්  වඩාත්  සඵලදායීව වැඩිදියුණු කිරීමේ අරමුණින්  ගෙවතු වගාව කෙරෙහි යොමු වූ

කාන්තා  සමිති සාමාජිකාවන්  සවිබල ගැන්වීමේ වැඩසටහනක් 2022- 11- 08 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී  පැවැත්විණි.

ශ්‍රි ලංකා කාන්තා කාර්යාංශය, chrysalis ආයතනය,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ දී  තෝරාගත් කාන්තාවන් 50 දෙනකු සදහා  රු:5000/-කට වඩා  වැඩි වටිනාකමකින් යුතු ගෙවතු උපකරණ, බීජ, පොහොර හා පැළ බෙදා දීම සිදුවිය.

හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පිටිපන දකුණ ග්‍රාම නිලධාරී වසමේ සිදුකරන ලද පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් වලට සමගාමීව පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් කුමුදු පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන්, 2022.11.09 වන දින පිටිපන දකුණ දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

 සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරහා ගෙවීමට කටයුතු  යොදා ඇති  සමෘද්ධි, වැඩිහිටි, වකුගඩු හා ආබාධිත දීමනා වලට අදාලව නිත්‍ය දීමනා, අමතර දීමනා හා පොරොත්තු ලේඛනගත ප්‍රතිලාභී දීමනා යන කාණ්ඩ සඳහා  දීමනා  ලබාදීම යටතේ   හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහතුඩුව දකුණ  ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ   සැප්තැම්බර් මාසයට ගෙවීමට නියමිත නිත්‍ය වැඩිහිටි හා ආබාධිත  පුද්ගලයන්  සදහා  මුදල්, නිවසටම ගොස්  ලබාදීම  කහතුඩුව දකුණ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී කේ.ජයන්ති මහත්මියගේ  මූලිකත්වයෙන් පසුගියදා සිදුකරන ලදී.

SamurdhiBankStartPayingAllowance

SamurdhiBankStartPayingAllowance 2

SamurdhiBankStartPayingAllowance 3

SamurdhiBankStartPayingAllowance 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top