ඔක්තෝම්බර් දහසය (16 ) වෙනි දිනට යෙදුන ලෝක ආහාර දිනය තේමා කරගනිමින්  "දේශීය  ආහාර පාන ප්‍රවර්ධනය" යන මැයෙන්  දේශීය ආහාර  පාන සකස් කිරීමේ  වැඩසටහනක්  මාවත්ගම ග්‍රාමයේ ධම්මෝදය හා ශයිනි ස්ටාර් යන  පෙර පාසල් දෙකෙහි දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් ඉකුත්  දහනමවෙනි දින ( 19 ) මාවත්ගම  "සිද්ධාරාමය" විහාරස්ථානයේදී පවත්වන ලදී.

ඔක්තෝම්බර් දහසය (16 ) වෙනි දිනට යෙදුන ලෝක ආහාර දිනය තේමා කරගනිමින්  " ආහාර  සුරක්ෂිතතාවය  හා දේශීය  ආහාර ප්‍රවර්ධනය " යන මැයෙන්  දේශීය ආහාර  පාන සකස් කිරීමේ  වැඩසටහනක්  රිලාවල ග්‍රාමයේ ප්‍රජාව  වෙනුවෙන් ඉකුත්  විසිවෙනි දින ( 20 ) රිලාවල  "සැනසුම් සෙවන " ප්‍රජා ශාලාවේදී  හෝමාගම ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය ඒකකයේ  වෛද්‍යවරුන් වන නිශාන්ත  දිලිප් ගිනිගේ මහතාගේ  හා අනෝජා නිශාලි හේරත්  මහත්මියගේ  සම්පත් දායකත්වයෙන් පවත්වන  ලදී.

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල්  නිවැරදි ක්‍රමවේදයන්ට අනුව ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.18 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. මේ සදහා සම්පත්දායකත්වය ලංකා බැංකුව අනුග්‍රහයෙනි.

ග්‍රාමීය  පුනර්ජීවන ආර්ථික කේන්ද්‍රීය කමිටු සංකල්පය  මත ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් දේශීය අලවර්ග භාවිතයෙන්  අගය එකතුකල නිෂ්පාදන  සැකසීමේ  තාක්ෂණ නිෂ්පාදන  පුහුණු වැඩසටහනක් 2022/10/14 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී  පැවැත්විනි.......

 පෙර පාසැල්  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන්  පෙර පාසැල් දරුවන්  ඉලක්ක කරගනිමින්  ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය මූලික කරගනිමින් පෝෂණ වැඩසටහන්    දීප ව්‍යාප්තව  ක්‍රියාවට නැන්වූ  වැඩසටහනට සමගාමීව  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   කුරුදුවත්ත   ග්‍රාම නිලධාරී වසමේ    " ෆ්ලවර් කිඩ්ස්"  ආදර්ශ   පෙර පාසැලේ   දරුවන් සදහා  දිවා ආහාරය ලබාදීම   පසුගිය දාහත දිනදී  ( 17 )   සිදුකෙරින.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top