සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින්  දීප ව්‍යාප්තව   ලෝක වැඩිහිටි දිනය දා  ක්‍රියාත්මක කෙරුන දැනුවත් කිරීමේ වැඩසටහන් හා  ආයුර්වේද වෛද්‍ය  සායන වලට සමගාමීව  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   වැඩසටහන ලෝක වැඩිහිටි දිනයදා  දොලහේන වසමේ ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පවත්වන ලදී.

ලෝක ළමා දිනයට සමගාමීව  අතුරුගිරිය පොලිස් ස්ථානයේ ආරාධනය පරිදි  පනාගොඩ පරාක්‍රමබාහු විද්‍යාලයේ නව වෙනි (9 ) ශ්‍රේණියේ සිසු දරුවන් සදහා  පෞරුෂ සංවර්ධනය  හා  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ  වැඩසටහනක් පසුගිය හත් වෙනිදා  පනාගොඩ  පරාක්‍රම විද්‍යාලයේදී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය   අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ  බාහිර සේවා සහ උපදේශන නිලධාරි   ( මත්ද්‍රව්‍ය)   පී.ඒ.එන්.පද්මසිරි  මහත්මියගේ  සම්පත් දායකත්වයෙන් සිදු කරන ලදී.

 හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  දියගම බටහිර  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ  සාමාජිකයින් සදහා  " සිරුර  බලගන්වන දේශීය  ආහාර , බෝ  නොවන  රෝගවලින්  ආරක්ෂා වීම "  පිළිබද දැනුවත් කිරීමක්   පසුගිය  හත්වෙනිදා ( 7 )  දියගම සාලවනෝද්‍යානාරාම  විහාරස්ථ  ශාලාවේදී   හෝමාගම ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය ඒකකයේ  දේශීය ආයුර්වේද  වෛද්‍ය මාතාජී  දිසානායක  මහත්මියගේ  සම්පත් දායකත්වයෙන්  පවත්වන ලදී.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න  මහතාගේ  සංකල්පයකට  අනුව  සංවිධානය  කරන ලද  දිසාපති කුසලාන  ක්‍රීඩා තරගාවලියේ   පසුගියදා  පැවති චෙස්  තරගයේ  අනු ශුරතාවය  හෝමාගම කණ්ඩායම  විසින්  දිනා ගන්නා  ලදී.

ලෝක වැඩිහිටි  දිනය සමරමින්  හෝමාගම  කොට්ඨාසයේ ගලවිලවත්ත උතුර  ග්‍රාම නිලධාරී  වසමේ  වැඩිහිටියන්  උදෙසා  දිවා දානය පිරිනැමීම ඔක්තෝම්බර් මස හය (6) දිනදී ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි  ශාලාවේදී    සිදුකරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top