හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් විසින් හය වන වරටත් පවත්වන ලද ලේ දන් දීමේ වැඩසටහන  ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ  ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් තුන්වන  දින(03) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී.

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න  මහතාගේ  සංකල්පයකට  අනුව  සංවිධානය  කරන ලද  දිසාපති  ක්‍රීඩා තරගාවලියේ  කඹ ඇදීමේ  තරගය පසුගිය  පළමු වනදා හෝමාගම මීගොඩ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී  පවත්වන ලදී.

ලෝක ළමා  හා වැඩිහිටි  දිනය සමරමින්  පිටිපන නගරය සමෘද්ධි කැකුළු ළමා  සමාජයේ දරුවන් වෙනුවෙන්  සාරධර්ම, වැඩිහිටියන්ට  සැලකීම , ගුණධර්ම  හා  අන්තර්ජාලය  නිසියාකාරව  භාවිතා  කරන ආකාරය  පිළිබද  දැනුවත් කිරීමක්   ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  උපදේශන  නිලධාරී සමන්ත අර⁣ඹේගම මහතා  විසින්  සිදු කරන ලදී .

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති  ප්‍රදීප් යසරත්න  මහතාගේ  සංකල්පයකට  අනුව  සංවිධානය  කරන ලද  දිසාපති  ක්‍රීඩා තරගාවලියේ   පසුගියදා  පැවති ක්‍රිකට්  තරගාවලියේ  පිරිමි  ශුරතාවය  හෝමාගම   කණ්ඩායම  විසින්  දිනා ගන්නා  ලදී.

2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් ගලවිලවත්ත උතුර සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක් ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ප්‍රජා ශාලාවේදී ඔක්තෝම්බර් මස පළමු දින පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top