සමෘද්ධි , ගෘහ  ආර්ථික , ක්ෂුද්‍ර  මුල්‍ය, ස්වයං  රැකියා  හා ව්‍යාපාර  සංවර්ධන  රාජ්‍ය  අමාත්‍යාංශය   මගීන්   2021 ජූලි  මස 01 සිට ජූලි  07 දින දක්වා ප්‍රකාශයට  පක්කර ඇති   " සෞභාග්‍යා  - සමෘද්ධි  සතිය "   හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය තුල ක්‍රියාවට නන්වමින්  ,ගෘහ ආර්ථික  පෝෂණය  වැඩිදියුණු  කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික  ගෙවතු වැඩසටහන  2020 - 2021 මහ කන්නය යටතේ  මසක් වයසැති  කිකිලි  පැටවුන්  සමෘද්ධි ප්‍රතිලාභීන්  හා අඩු ආදායම් ලාභී එකොලොස් දෙනෙකු  ( 11 )  වෙත ලබාදීම හා ගෘහාශ්‍රිත  කුකුල් පාලනය පිළිබඳ  දැනුවත්  කිරීම     අද දින ( 2021.07.01)  හෝමාගම  ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලයේ දී සිදුකෙරුනා.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා  ඉදිවෙමින්  පවතින  නව සිව් මහල්  ගොඩනැගිල්ලෙහි  ඉදිකිරීම් කටයුතු  නිරීක්ෂණය  , එහි ප්‍රගතිය මැන බැලීම හා ඉදිරි කටයුතු  පීලිබද සාකච්ඡාවක්  2021.06.30 දින කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප්  යසරත්න  මහතාගේ  ප්‍රදානත්වයෙන්  පැවත්වුනා.


කෘෂි කර්මාන්තය  සදහා  කාබනික පොහොර  භාවිතයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයට අනුව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාබනික ⁣ පො⁣හොර භාවිතය  ප්‍රවර්ධනය හා ඒ සදහා  යොමු  කරවීම,  එහිදී  පැන නගින ගැටළු  පිළිබඳ  සාකච්ඡාවක්

හෝමාගම   යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා පස්වන තරුණ පාර්ලිමේන්තුව  එක්ව  සංවිධානය  කල ලේ දංදීමේ කඳවුර පසුගියදා (2021.05.30 ) හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩංගනයේ සුනිල් පෙරුම්බුලි ශාලාවේදී  පැවැත්වුනා .
රුධිර පරිත්‍යාගශීලීන් 150 කට අධික පිරිසක් මෙදින ලේ දංදීමට පැමිණිි අතර 121 දෙනෙකුගේ රුධිරය  ලබාගැනීමට  හැකිවුනා.
ආයුර්වේද සංවර්ධන නිලධාරිනී ජී.වී.නිලන්ති  මහත්මියගේ  සම්බන්ධීකරණයෙන්  ලේ පරිත්‍යාගශීලී සියළු දෙනාටම  දේශීය ඖෂධ  පැළයක් ලබාදීමට කටයුතු තරනු ලැබුවා .
මෙදින හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් වත්සලා රණසිංහආරච්චි මහත්මිය , ජාතික තරුණ සේවා සභාවේ  ගරු සභාපති  දමිත වික්‍රමසිංහ මහතා ,  සභා අධ්‍යක්ෂිකා දුෂාන්ති හපුගොඩ මහත්මිය , සභා  අධ්‍යක්ෂක හේමන්ත  ශ්‍රී ලාල් මහතා, සභා අධ්‍යක්ෂ  ඉෂංක චතුරංග මහතා, සහකාර අධ්‍යක්ෂ ( විශේෂ ව්‍යාපෘති) චන්න ගුණරත්න මහතා ඇතුළු විශේෂ ව්‍යාපෘති අංශයේ නිලධාරීන් , කොළඹ දිස්ත්‍රික් සහකාර  අධ්‍යක්ෂ  සුමිත්  ගල්ඔළුව මහතා, තරුණ සේවා නිලධාරී  නීල්සිරි කත්‍රිආරච්චි මහතා ඇතුළු  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ක්ෂෙත්‍ර නිලධාරීන්  සහභාගී වුනා .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය තරුණ සේවා නිලධාරිනී දර්ශිකා වාකිෂ්ට මෙනවියගේ මූලිකත්වයෙන්  මෙම ලේ දංදීමේ කඳවුර  සංවිධානය  කරනු ලැබුවා .

 

1

2

3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top