කොවිඩ් 19 වසංගත තත්ත්වය තෙවන ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීමත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ " ගස්ලබු " වගා ගොවීන් හට තම ගස්ලබු අස්වැන්න අලෙවි කර ගත නොහැකිව සිටි මොහොතක රජය මැදිහත් වී එම " ගස්ලබු " පළතුරු අඩුආදායම් ලාභී ජනතාව වෙත නොමිළයේ ලබාදීමට කටයුතු කරනු ලැබුවා .
කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මූලිකත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත ලද "ගස්ලබු" කිලෝග්‍රෑම් 9000 ක් (ගස්ලබු ගෙඩි 6000 ක් ) ග්‍රාම නිලධාරී වසම් 27 ක අඩුආදායම්ලාභී ජනතාව වෙත ලබාදීම සිදුකෙරුනේ 2021.06.02 සහ 03 දිනවලදී .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් පරිදි පරිපාලන ග්‍රාම නිලධාරී රුවන් තිලක මහතාගේ අධීක්ෂණයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාස 27 ක ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ප්‍රමුඛ ග්‍රාම නිලධාරී වසම්හි ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ සහායෙන් ගස්ලබු පළතුර අඩුආදායම්ලාභී ජනතාව වෙත ලබාදීම සිදුකෙරුනා .



තවත් කියවන්න: අඩුආදායම් ලාභීන් සදහා නොමිලේ "ගස්ලබු " ලබාදීම / හෝමාගම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මිය 2021-05-19 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් ධූරයෙන් සමුගනී.
හෝමාගම නව ප්‍රාදේශීය ලේකම් ලෙස , මොරටුවෙහි ප්‍රාදේශීය ලේකම් ධූරය හෙබවූ බී.ඒ.ඩී.චින්තක මහතා මහ සංඝ රත්නයේ ආශිර්වාදය මැද අද දින ( 2021-05-20 ) වැඩ භාරගනු ලැබුවා .
ලේ දන් දීමේ පිංකමක් 2021.04.23 දින හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුල පවත්වන ලදි.ලේ දන් දීමේ පිංකමක් 2021.04.23 දින හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පරිශ්‍රය තුල පවත්වන ලදි. ප්‍රාදේශිය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම අනුව සියලුම කාර්යාලීය නිළධාරින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් සිදු කරන ලදි. ග්‍රාම නිළධාරි වසම්වල රාජකාරි නියුතු සංවර්ධන නිළධාරින් විසින් මෙය සම්බන්ධිකරණය කරන ලදි.





















