හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක  මහතාගේ උපදෙස්   හා මගපෙන්වීම මත නියෝජ්‍ය ක්‍රම සම්පාදක අධ්‍යක්ෂිකා  නිලංකා  එස්. සම්පත් මහත්මියගේ අධීක්ෂණයෙන්  කාර්යාලයීය  සැලසුම් අංශය  මගීන්  කාර්යාලයීය සියළු  අංශයන්හි  නිලධාරිනියන්  උදෙසා  "මිහිරි මැදිවිය" නමින්  සෞඛ්‍ය වැඩමුළුවක්  ශ්‍රී  ලංකා  ආර්තවහරණ සංගමයේ සම්පත් දායකත්වයෙන්  දෙසැම්බර් නම වෙනි ( 9 ) දින පවත්වනු ලැබූයේ හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රයට සමගාමීව  වසම් තුළ ආහාර සුරක්ෂිතතාව , ජීවනෝපාය සංවර්ධනය සහ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ මෙම වැඩසටහන 2022-12- 05 සහ 08 යන දිනයන්හි හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ග්‍රාමීය ආර්ථික හා පුනර්ජීවන වැඩසටහනට සමගාමීව  ""අඩු වයස් විවාහ අවම කිරිම සහ අඩු වයස් ගැබ් ගැනීම් වලක්වා ගැනිම"  සඳහා  නව යොවුන් වියේ ගැහැණු දරුවන් සඳහා විශේෂ  දැනුවත් කිරිමේ   වැඩසටහනක්  2022-12-06 වන දින හෝමාගම   ජනාධිපති විද්‍යාලයේදි  පවත්වන ලදි .

සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමවේද හා  ඉන් හිමිවන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් 2022.12.06 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 482D නාවලමුල්ල වසමේ සංවර්ධන නිලධාරි කාර්යාලයේ දී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය වනිතා කටයුතු අංශය හා Life for all පදනම  එක්ව ආර්ථික අපහසුතා ඇති දරුවන් 10 දෙනෙකු සඳහා පාසැල් නිල ඇඳුම් සහ පාවහන් ලබා දීම 2022.12.05 වන දින සිදු කරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top