හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම සුභාරතී මහා විද්‍යාලයීය අ.පො.ස (සා.පෙ) සහ (උ.පෙ ) හදාරන සිසුන් මූලික කොට ගනිමින් 15-12-2022 වන දින "කියවමු විඳිමු " වැඩසටහන විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවිධානයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන අංශයේ අනුග්‍රහයෙන්, හෝමාගම අධ්‍යාපන කලාපයේ සිටින අ.පො.ස.(සා/පෙළ) අසමත් සිසු දරුවන් වෙනුවෙන් පැවැත් වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් 14-12-2022 වන දින හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතා සහ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (උපදේශන) කල්‍යාණවිදානගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වටරැක කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්විණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් 13-12-2022 වන දින කහතුඩුව උතුර වසමෙහිදී සිදු කරන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 13-12-2022 වන දින ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී සිදුකරන ලදී.














