දරුවන්ගේ කලා කුසලතාවයන් වඩාත් ඔප්නංවා ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීම  අරමුණු කොට ගෙන ආරම්භ කරන ලද "ළමා රඟ මඩළ" නාට්‍ය සංචිතයෙහි ප්‍රථම වීදි නාට්‍යය 2022-12-28 වන දින හෝමාගම  සතිපොළ  පරිශ්‍රයේදී  රංගගත විය.

සුදන්ත මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන  ඒකකයේ  අනුග්‍රහයෙන්  හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්  සදහා දන්ත වෛද්‍ය  සායනයක්  දෙසැම්බර්  28 දින ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  පරිශ්‍රයේදී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩ උතුර සණස සමිතිය විසින් සංවිධානය හා අමුද්‍රව්‍ය සැපයීම මත පවත්වනු ලැබූ  "ආහාර විජලනය  සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩමුළුවක්" 2022-12-23 වන දින එම සමිති ශාලාවේදී පැවැත්විණි.

හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙරලියාවල  ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය  හා වැඩිහිටි සමීතිය එක්ව සංවිධානය කල " සමෘද්ධි වැැඩිහිටි කුසලතා  කරළිය "  පසුගිය  26 දා හෙරලියාවල  ශ්‍රී සුධර්මාරාම පුරාණ  විහාරස්ථානයෙදී  පවත්වන  ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම කාන්තා කාර්ය සංවිධානය මගින් සංවිධානය කළ කාන්තා ව්‍යවසායකයින්ගේ  මාසික පොළ 24-12-2022 වන දින එම වසමෙහි පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top