හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල්තර කාන්තා කාර්ය සංවිධානය හා "ලියෝ ක්ලබ්" පදනම සමග එක්ව ජල්තර ප්‍රදේශයේ ගෙවතු වගාවන්ට යොමු වූ පවුල් 75 ක් සඳහා එළවළු පැළ සහ බඳුන් බෙදා දීමේ වැඩසටහනක් 2023.01.04 වන දින එම වසමෙහිදී පවත්වන ලදී.
තවත් කියවන්න: ගෙවතු වගාවන් සඳහා යොමුවූ පවුල් වෙත එළවළු පැළ සහ බඳුන් බෙදා දීම ජල්තර දී.......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේන්පිට වසම තුළ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමේ අරමුණින් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය සහ අභිප්‍රේරණය කිරීම උදෙසා පවත්වනු ලැබූ වැඩසටහනක් 2023.01.05 වන දින ඇඹුල්ගම සේවා පියසේ දී පැවැත්විණි.
පිටිපන උතුර හා පිටිපන දකුණ යන වසම් දෙකට අයත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරියේෂණ සහකාර නිලධාරින්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා එහි පැමිණි සේවාලාභීන් සඳහා වූ දැනුවත් කිරීමක් 2023.01.03 වන දින අදාල වසම්වල සේවා පියස්වලදී සිදුවිය.
හෝමාගම මාගම්මන බටහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් 2023 නව වසරට සෙත්පතා බෝධි පූජා පිංකමක් ජනවාරි දෙවන (2) දින මාගම්මන පුරාණ විහාරස්ථානයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: නව වසරට සෙත්පතා බෝධිපුජා පිංකමක් මාගම්මන පුරාණ විහාරස්ථානයෙදී
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදෙස් ගත වීමට අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මානසිකව සවිබල ගැන්වීම සහ සුරක්ෂිත සංක්‍රමණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/12/30 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවත් කියවන්න: විදෙස් ගත වීමට අපේක්ෂිතයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා වූ වැඩසටහනක් හෝමාගම දී














