හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑතර මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. (උ .පෙ.) සඳහා සුදුසුකම් ලැබූ දරුවන්ගේ හැකියා ලැදියා හඳුන්වා දෙමින් උසස් පෙළ විෂයධාරා තෝරාගැනීම සඳහා මග පෙන්වීමේ වැඩසටහනක් 2023.01.10 වන දින එම විද්‍යාලයේදී පවත්වන්නට යෙදුණි.
තවත් කියවන්න: උසස් පෙළ හැදෑරීමට සූදානම් වන දරුවන් සඳහා විෂය ධාරා තෝරාගැන්මට අත්වැලක්.......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා දේශීය ආහාර භාවිතයේ ඇති වටිනාකම හා පවතින ආර්ථික අපහසුතා මග හරවමින් පෝෂණීය, සමබල ආහාරයක් සකස් කිරීම මෙන්ම පවුලේ නිරෝගීකම වෙනුවෙන් වන කාන්තාවගේ භූමිකාව සම්බන්ධව දැනුවත් කිරීම සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහන 2023.01.10 වන දින උඩගෙවත්ත ප්‍රජාශාලාවෙහිදී පවත්වන ලදී.
තවත් කියවන්න: දේශීය ආහාර සංස්කරණ වැඩසටහනක් හෝමාගම දී........
හෝමාගම හේනවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සංවත්සර මහ සභා රැස්වීම පසුගිය නමවෙනි ( 9 ) දා මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමනාකාරු ඒ.ආර්.රූපසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් හේනවත්ත කොම්පයාහේන භාවනා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: හේනවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සංවත්සර මහ සභා රැස්වීම පැවැත්වෙයි.
හෝමාගම වටරැක දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටුව හා ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ඩෙංගු මර්ධන වැඩසටහනක් ඉකුත් හත්වෙනිදා (7) වටරැක දකුණ ග්‍රාමයේදී සිදුකරන ලදී.
හෝමාගම නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ 'සහන' ජේෂ්ඨ පුරවැසි කමිටුව හා 'සමුදුර' ළමා සමාජය එක්ව 2023 නව වසරට සෙත්පතා පෙරහැරක් හා බෝධි පූජා පිංකමක් පසුගියදා හෝමාගම පුරාණ විහාරස්ථානයෙදී පවත්වන ලදී.
තවත් කියවන්න: නව වසරට සෙත්පතා පෙරහැරක් හා බෝධිපුජා පිංකමක් / හෝමාගම නැගෙනහිර














