හෝමාගම මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි විසිපස් වන ( 25 ) සංවත්සරය පසුගියදා දියගම සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

ඉගෙනුමෙහි සමත්, ආර්ථික දුශ්කරතා සහිත පාසල් ශිෂ්‍යාවක් සඳහා සිය ආධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනීම සඳහා  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප්  අංශයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරී  රංජිත්  පෙරේරා මහතා විසින් අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම 2023-01-18 වන දින ආයතන  පරිශ්‍රයේදී  සිදුකරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තෙගොඩ පොලිස් බල ප්‍රදේශයට  අයත් මත්තෙගොඩ කිතුලහේන වසමෙහි අනාරක්ෂිත දරුවකු සඳහා සිද්ධි සම්මන්ත්‍රණයක්  2023-01-16 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටවල ග්‍රාම නිලධාරී වසමෙහි පිහිටි බටවල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය විසින් 2023-01-18 වන දින එම  විද්‍යාල පරිශ්‍රයේදී  පවත්වන්නට යෙදුණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රසන්නපුර වසමෙහි බී.ඒ .අමරසිංහ අනුස්මරණ පුස්තකාලය කොවිඩ් වසංගත තත්වයත් සමග අක්‍රීයව පැවතුණ අතර,  එය  නැවතත් සක්‍රීය  තත්වයට පත්කිරීමේ අරමුණින්  මෙම වැඩසටහන  2023-01-17 වන දින ප්‍රසන්නපුර  වසමෙහිදී පැවැත්වුණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top