හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජල්තර දම්සෙත් මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස.(සා/පෙළ) සඳහා මුහුණදෙන දරුවන් වෙනුවෙන් පවත්වන ලද  "මනෝමිතික පරීක්ෂණ" මඟින් උසස් පෙළ විෂයය ධාරාව තෝරා ගැනීම හා ඔවුන්ගේ වෘත්තීය ගමන් මඟ සංවර්ධනයට අවශ්‍ය මග පෙන්වීමේ වැඩසටහනත්,9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා කාණ්ඩ විෂයයන් තෝරා දීමේ වැඩසටහනත්  2023.01.13 වන දින එම විදුහලේ දී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෝමාගම බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි ප්‍රජාව සඳහා දේශීය ආහාර සංස්කරණය පිළිබඳව සහ පෝෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 - 01-13 වන දින බිත්තිවෙල කුඹුර රජමහා විහාරයෙහිදී පවත්වන්නට යෙදුණි .

පානලුව කනිෂ්ඨ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පාසල් සිසුන් සඳහා පවත්වන ලද උපදේශන වැඩසටහනක් 2023/01/12 වන දින එම විදුහලේ දී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර සහ ආටිගල බටහිර ග්‍රාම  නිලධාරී වසම් ද්විත්වයෙහි ප්‍රජාව  සඳහා දේශීය ආහාර සංස්කරණය පිළිබඳව සහ පෝෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 - 01-12 වන දින ආටිගල බටහිර වසමෙහිදී පවත්වන්නට යෙදුණි .

බස්නාහිර පළාත් ග්‍රාම  සංවර්ධන දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත හෝමාගම  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ අධීක්ෂණය සහ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන ග්‍රාමීය  පුහුණු මධ්‍යස්ථානයේ  පුහුණුව ලැබූ පුහුණුලාභිනියන්ගේ කුසලතා එළිදැක්වීම උදෙසා පවත්වනු ලබන මැහුම්, අත්කම් , එම්බ්‍රොයිඩර්, පැච්වර්ක් නිර්මාණ ප්‍රදර්ශනය  සහ මනාලියන් දැක්ම 2023-01-10 වන දින හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top