හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , හෙරලියාවල ග්‍රාම නිලධාරී වසමෙහි ප්‍රජාව ඉලක්ක කරගනිමින් සංවිධානය වූ උපදේශනමය වැඩසටහන 2024-02-08 වන දින එම වසමෙහි ප්‍රජාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිත සිද්ධමුල්ල දකුණ කාන්තා කාර්ය සංවිධානය මගින් අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් වෙත පාසල් උපකරණ සහ පොත් ප්‍රදානය කිරීම 2024-02-08 වන දින සිද්ධමුල්ල ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී.

හෝමාගම සිද්දමුල්ල උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සමෘද්ධි කැකුළු ළමා සමාජය ප්‍රතිසංවිධානය කිරීම හා ළමා සාමාජිකයින් වෙනුවෙන් ඉතුරුම් කැට ලබාදීමක් පසුගියදා සිද්දමුල්ල උතුර ග්‍රාම නිලධාරී කාර්යාලයීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය හරහා පිහිටුවා ඇති සමෘද්ධි " එකමුතු " ව්‍යවසායක සංසදයේ සාමාජිකයින්ට මානසික සුවතාවයක් ලබාදීමේ අරමුණින් ' රසවින්දන' වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර මහතාගේ ප්‍රදානත්වයෙන් හා දේශීය වෛද්‍ය ජී.එල්.පාණ්ඩිත්පෙරුම මහතාගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලදී.

හෝමාගම හබරකඩ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ සහ මුල්ලේගම උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි සමෘද්ධි ප්‍රජා මූල සංවීධාන සාමාජික සාමාජිකාවන් සදහා " ආර්ථික පීඩා ජයගෙන - සතුටු සිතින් ජීවත් වෙමු." යන මැයෙන් මනෝ උපදේශන මගපෙන්වීමක් පසුගිය තිස්වන (30) දින හබරකඩ ප්‍රබෝධ මන්දිර ශාලාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උපදේශන නිලධාරි සමන්ත අරඹේගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top