අධිකරණ අමාත්‍යාංශය  හා  සමථ  මණ්ඩල  කොමිෂන් සභාවේ  සංකල්පයකට  අනුව,  අධ්‍යාපන අමාත්‍යාංශයේ  අනුමැතිය  ප්‍රකාරව  සංවිධානය වන  වැඩසටහන් මාලාවෙහි   " අනාගත නායකයින් සදහා  වූ  සමථකරණ" වැඩසටහන 2024-02-13 වනදින ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි දෙටු පුරවැසියන්ගෙන් සුසැදි, ප්‍රාදේශිය වැඩිහිටි බලමණ්ඩළයෙහි මහා සභා රැස්වීම  2024-02-15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි,  2024 වර්ෂයෙහි  අ.පො.ස.(උ/පෙළ )  විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් සංවිධානය වූ   සුවිශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන  පසුගියදා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

බස්නාහිර පළාත් වනිතා කටයුතු අංශය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය එක්ව, 2023 වර්ෂයෙහි ආරම්භ කළ පැය 100 යේ සහතික පත්‍ර මැහුම් පාඨමාලාව අවසන් කරන ලද පාඨමාලාලාභීන්ගේ  නිෂ්පාදන ප්‍රදර්ශනය, හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්  2024.02.13 වන දින ගොඩගම උතුර පුරාණ විහාරස්ථානයේදී  පවත්වන ලදී.

හෝමාගම කොට්ඨාසයේ දේශීය වෛද්‍ය රෝහල් පහසුකම් අඩු ප්‍රදේශ වල පදිංචි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සර්වාංග රෝග සදහා ආයුර්වේද තෙල් සත්කාරක සායනය , ශරීරයේ රුධිර පීඩනය පරීක්ෂාව හා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබද දැනුවත් කිරීමක් 2024.02.13 දින අම්බලන්ගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ දී ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය දිලිප් ගිනිගේ මහතා හා වෛද්‍ය අනෝජා හේරත් මහත්මිය, ආයුර්වේද චිකිත්සක වෛද්‍ය දම්සිරි වික්‍රමාරච්චි මහතා, හා ආයුර්වේද සංරක්ෂණ සභාවේ පාරම්පරික වෛද්‍යවරුන් වන ආයුර්වේද වෛද්‍ය අයන්ති කෞශල්‍යා මහත්මිය ,ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා විභූෂන කීර්ති ශ්‍රී දේශමාන්‍ය , පාරම්පරික වෛද්‍ය නවරත්න මැණිකේ දිසානායක මහත්මිය හා වෛද්‍ය ශිෂ්‍යයින්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top