හෝමගම ,කඩුවෙල සහ මහරගම අධ්‍යාපන කලාපයන්හි දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද බාලදක්ෂ කදවුරහෙි සිසු සිසුවියන් සඳහා සමථකරණය මූලික කර ගනිමින් හා දරුවන්ට සිදුවන අපචාර , අපයෝජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන තේමා කේන්ද්‍රකර ගනිමින් පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන 2024-02-05 වනදින හෝමාගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි .
තවත් කියවන්න: සමථකරණය පිළිබඳ බාලදක්ෂ සිසුන් දැනුවත් කෙරේ...........................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානයෙහි නිලවරණය, 2024.02.06 වනදින ඕවිටිගම ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මෙහිදී ,නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සැලසුම් කරගත යුතු අයුර පෙන්වා දීම ද සිදු කිරීමට යෙදුණි .
තවත් කියවන්න: ඕවිටිගම කාන්තා කාර්ය සංවිධානයෙහි නිලවරණය පැවැත්වේ...
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය සහ හෝමාගම ප්‍රාදේශීය කාන්තා ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සුසැදි, හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයෙහි මහ සභා රැස්වීම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගීත්වයෙන් 2024.02.07 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලය රැස්වේ.......................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,මීගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය මගින් 76 වන ජාතික නිදහස් සැමරුම් දිනයට සමගාමීව සංවිධානය කරන ලද දේශනමය වැඩසටහන 2024.02.06 වන දින මීගොඩදෙණිය ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී.
"හර්බ් ලයින් ශ්‍රී ලංකා" ආයතනය, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය එක්ව සංවිධානය කරන ලද කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීමේ වැඩසටහනක් වන "අත්වැල" ව්‍යාපෘතිය මේ වන විට කොට්ඨාසයේ කාන්තාවන් 67 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.
තවත් කියවන්න: කාන්තාවන්ට අත්වැලක් වූ "අත්වැල" ව්‍යාපෘතියෙහි නව සාමාජික හමුව.........














