ස්වභාවික ශාක පත්‍ර තුළින් ආදායම් උත්පාදනය සඳහා ග්‍රාමීය කාන්තාවන් යොමු කරමින්, විකල්ප ආදායම් මාර්ග හඳුන්වා දීමේ වැඩසටහන් මාලාව නව පැතිකඩක් තුළට අවතීර්ණ වෙමින් සංවිධානය වූ මෙම වැඩසටහන 2023-12-12 වන දින පාලගම විහාරස්ථානයේ දී පවත්වන ලදි.
තවත් කියවන්න: ස්වභාවික ශාඛ පත්‍ර තුළින් ආදායම් උත්පාදනයට කාන්තාවන් පුහුණු කිරීමේ වැඩසටහන ..
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා කුසලතාවයන් සංවර්ධනය සඳහා මග හෙළිපෙහෙළි කරමින් එම කුසලතාවන් අගයකරනු රිසින් සංවිධානය වූ "විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා මහෝත්සවය " 2023-12-05 වනදින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
තවත් කියවන්න: "විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කලා මහෝත්සවය".................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථාපිත, හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයෙහි මහා සභා රැස්වීම 2023.12.06 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල මහ සභාව රැස්වේ......
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, "UN Women" ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් මෙහෙයවන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික, ස්වයං රැකියාවක නිරත, තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ ව්‍යවසායක සංවර්ධනය උදෙසා ප්‍රතිලාභීන් වෙත හදිසි සහන සැපයීමේ ව්‍යාපෘති වැඩසටහන යටතේ වියළි ආහාර මළු බෙදා දීම 2023.12.08 වන දින ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ මග පෙන්වීම යටතේ, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රෙය් දී සිදු කරන ලදී.
තවත් කියවන්න: හදිසි සහන සැපයීමේ ව්‍යාපෘතිය යටතේ කාන්තාවන් වෙත වියළි ආහාර මළු ප්රදානය කෙරේ........
දරුවන්ගේ සෞන්දර්ය කුසලතා සංවර්ධනය අරමුණු කරගනිමින්, මූලික වශයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පවත්වන ලද සෞන්දර්ය කුසලතා සංවර්ධන වැඩසටහන 2023-12-08 වන දින බප/හෝ ,වෑතර ජාතික පාසලෙහි ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.
තවත් කියවන්න: වෑතර ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් සෞන්දර්ය කුසලතා සංවර්ධන වැඩසටහනක්














