හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානය සඳහා  2024  වර්ෂයට අදාළව  නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම උදෙසා  සංවිධානය වූ  නිලවරණය 2023.12.02 වන දින  උඩුවන සුපේෂලාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු  අමාත්‍යාංශය විසින්  සංවිධානය කරන ලද "විශ්වාභිනන්දන -2022/ 2023" කලාකරු උපහාර උළෙල  2023-11-22 වන දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙහිදී  අති උත්කර්ෂවත්ව  පැවැත්විණි.

ලෝක ළමා දිනයට සමගාමීව , දරුවන්ගේ ආරක්ෂාව සහ දරුවන් සඳහා වූ අවධානම් සාධක හඳුනා ගනිමින්, දරුවන් සමග කටයුතු කළ යුතු සුදුසු ආකාරය පිළිබඳව මත්ද්‍රව්‍ය නිවාරණය මූලික කරගනිමින් සංවිධානය වූ මෙම වැඩසටහන 2023.10.27 වන දින හිරිපිටිය පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.

"සුවපත් වැඩිහිටියන් උදෙසා විශ්වීය වැඩිහිටි හිමිකම් පරපුරෙන් පරපුරට" යන තේමාව මුල්කරගනිමින් , හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය වූ වැඩිහිටි දින සැමරුම් උත්සවය, දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2023-10-31 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

ලෝක වැඩිහිටි හා ළමා දිනයට සමගාමීව , 590 මාගම්මන නැගෙනහිර වසමේ වැඩිහිටි උපහාර හා රසවින්දනාත්මක වැඩසටහන මාගම්මන ග්‍රාම නිලධාරී කාර්යාලය පරිශ්‍රෙය් දී පවත්වන ලදී .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top