ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, "UN Women" ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් සංවිධානය වන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකාවන් අතරින්  තෝරාගත්, ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු  වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ  "Digital marketing" පුහුණු වැඩමුව 2023.10.24 වන දින ගොඩගම "නිමංසල" උත්සව ශාලාවේ දී පවත්වන ලදී.

ඉදිරි සතියේ දී  පැවැත්වීමට නියමිත ලෝක ළමා දින වැඩ සටහනෙහි  ත්‍යාග සඳහා අවැසි  අරමුදල් උපයා ගැනීමේ අරමුණින්  සුවපුබුදුගම  ග්‍රාම නිලධාරී වසමෙහි " පුබුදු " ළමා දරුවන් විසින් ආහාර ප්‍රදර්ශනයක් 2023-10-22වන දින සුවපුබුදුගම ප්‍රජාශාලා පරිශ්‍රයේදී  පවත්වන ලදි

 හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රසන්නපුර ග්‍රාම නිලධාරී වසමෙහි දරුවන් සඳහා ළමා සමාජයක් පිහිටුවීම 2023-10-20 වන දින ප්‍රසන්නපුර ප්‍රජාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තා කාර්ය සංවිධානය මගින් සියලු රට වැසියන්ට සෙත්පතා සංවිධානය කළ ධර්ම දේශනා පිංකම  2023.10.14 වන දින පවත්වන ලදි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික  කතුන් බල ගන්වමින්  , ඔවුන් ආර්ථික වශයෙන් ඔසවා තබා විකල්ප ආදායම් මාර්ග ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන මාසික පොළ වැඩසටහන පසුගිය දා ග්‍රාම නිලධාරී වසම් කිහිපයකම පැවැත්විණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top