ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වාවූ සතිය තුල සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 20 දිනය නම්කර තිබූ "සමාජ සංවර්ධන දිනය" නිමිති කරගෙන සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ (රන්විමන) හෝමාගම උඩුවන ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගැහැණු දරුවන් හතර (4) දෙනෙකු සමග දිවි ගෙවූ අංක 291/2, පන්සල පාර, උඩුවන පදිංචි ඩබ්ලිව් .වසන්තිකා මහත්මියගේ පවුල වෙත ඉදිකල ' දිරිය' නිවහන භාරදීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී. විජේසිරි, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ඊ.වී.යූ.පුෂ්පකුමාර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.
තවත් කියවන්න: " දිරිය" නිවහන දිරිය කතකට භාරදීම හෝමාගම උඩුවන දී....
ජාත්‍යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදෙන ඔක්තෝම්බර් මස 17 දිනයට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඔක්තෝම්බර් මස 17 දින සිට ඔක්තෝම්බර් 23 දක්වා වූ සතිය තුළ සමෘද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යටතේ ඔක්තෝම්බර් මස 20 දිනය නම්කර තිබූ "සමාජ සංවර්ධන දිනය" නිමිති කරගෙන සමෘද්ධි නිවාස වැඩසටහන ( ජය විමන ) යටතේ හෝමාගම දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඉඩමක හිමිකම නොමැතිව ජීවත්වූ ඒ.ඒ.පී.ලක්ෂ්මන් මහතාගේ හා බී.එම්.රුවන් කුමාර මහතාගේ පවුල් දෙක වෙත ඉඩම් හිමිකම ලබාදී නව නිවාස දෙකක් ඉදිකර දීමට මුල්ගල් තැබීම ඉඹුලකන්ද සම්බුද්ධි විහාරස්ථානාධිපති යහමුල්ලේ අනුරවංශ හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජී. විජේසිරි, කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ඊ.වී.යූ.පුෂ්පකුමාර, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක යන මහතුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරින.
තවත් කියවන්න: "ජය විමන " නිවාස දෙකකට මුල්ගල් තැබීම හෝමාගම දී....
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හෙන්පිට ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.10.18 වන දින හේන්පිට සේවා පියස පරිශ්‍රයේ දී සිදුකරන ලදී.
තවත් කියවන්න: හේන්පිට කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ.
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය වෙතින් සංවිධානය වන, කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකත්වය ඇති, තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියෙහි තවත් අදියරක් මෙලෙස ක්‍රියාත්මක විය.
තවත් කියවන්න: කාන්තාවන් නගාසිටුවීම සඳහා තවත් සේවාවක්......................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මුල්ලේගම උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.10.17 වන දින ආර්ථික සංවර්ධන නිලධාරිණියගේ සහභාගීත්වයෙන් එම වසමෙහිදී පැවැත්විණි.
තවත් කියවන්න: මුල්ලේගම උතුර කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ














