පළාත් වනිතා කටයුතු ඒකකය හා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මගින්  කොට්ඨාසයේ කාන්තාවන් සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හඳුන්වා දීමේ  අරමුණ පෙරදැරිව සංවිධානය වූ පැය 100ක පුහුණු කාලයකින් යුතු කේක්  නිෂ්පාදන පුහුණු පාඨමාලාවේ  සහතිකපත් ප්‍රදානය සහ  කේක් නිර්මාණ  ප්‍රදර්ශනය  2023.10.16 වන දින ජනක වැලිවත්ත ප්‍රජා ශාලාවෙහිදී  පැවැත්විණි.

ඔක්තෝම්බර් මස 10වන දිනට යෙදී තිබුනු ලෝක මානසික සෞඛ්‍ය දිනය සහ ලෝක ළමා දිනය ද  සමාගාමී කොට ගෙන  සංවිධානය වූ  රසවින්දන වැඩසටහන සහ පාසල් ළමුන් වෙත නිලඇඳුම් බොදදීමේ වැඩසටහන 2023-10-13 වන දින බිත්තිකුඹුර පුරාණ විහාර පරිශ්‍රයේදී පැවැත්විණි .

උද්‍යාන අලංකරණ ක්ෂේත්‍රයෙහි  නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව , මිනිස් බල හා රැකී රක්ෂා  දෙපාර්තමේන්තුව  සහ හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද   උද්‍යාන අලංකරණය  පිළිබඳ   පුහුණු  වැඩසටහන 2023.09.07 දින ආරම්භ විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , මීගොඩ මහා විද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන , අ.පො.ස.උසස් පෙළ  විභාගය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂිත සිසු දරුවන් ඉලක්ක කොට ගනිමින් සංවිධානය වූ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2023-10 -10  වනදින එම විද්‍යාලයේදී පැවැත්විණි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමෙහි  "දිදුලන "කාන්තා කාර්ය සංවිධානයෙහි කාරක සභා රැස්වීම සහ මාසික රැස්වීම 2023-10-14 වන                                                              දින මීගොඩ දෙණිය ප්‍රජා ශාලාවේදී පැවත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top