ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා කටයුතු අංශය එක්ව සංවිධානය කරනු ලැබූ, කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජිකයන් අතුරින් තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියේ දෙවන පුහුණු වැඩමුළුවේ පළමු පුහුණු වැඩසටහන 2023.10.10 වන දින ගොඩගම "නිමංසල" උත්සව ශාලාවේ දී පැවැත්විණි .
තවත් කියවන්න: හෝමාගම ව්‍යවසායක කතුන් සඳහා පුහුණු වැඩමුළුවක්...............
ශ්‍රී ලංකීය කලා ක්ෂේත්‍රය තුළ අමරණීය සලකුණ එක් කරමින් හෙළ කලාව වෙත මහත් සේවයක් ඉටු කරමින් ,ලාංකීය කලාව දිග්විජය කල කලාකරුවන් වෙත පිදෙන ගෞරවණීය වූ "කලාභූෂණ " රාජ්‍ය සම්මානය 2023-10-11 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා යොවුන් රඟහලෙහිදී පැවැත්විණි.
ලෝක ළමා දිනයට සමගාමීව, දරුවන්ගේ ආරක්ෂාව සහ දරුවන් සඳහා වූ අවධානම් සාධක හඳුනා ගනිමින්, දරුවන් සමග කටයුතු කල යුතු සුදුසු ආකාරය පිළිබඳව සංවිධානය වූ "මත්ද්‍රව්‍ය නිවාරණ සහ ළමා ආරක්ෂාව" පිළිබඳ වැඩසටහන "නිකිනි" සහ "ශාක්‍යා "පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කරගනිමින් 2023-10-13 වනදින පිටිපන පුරාණ විහාරස්ථානයේදී පවත්වනු ලැබීය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙටු පුරවැසියන් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය 2023-10-13 වන දින ගොඩගම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි
තවත් කියවන්න: වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය-ගොඩගම දී.....
පවතින ආර්ථික අවපාතය අභිමුව පිඩනයට පත්වන අඩුආදායම්ලාභී ග්‍රාමීය ප්‍රජාව ,මානසික වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වූ "ආර්ථික අර්බුධය හමුවේ මානසික හැඩගැස්ම" පිළිබඳ උපදේශන වැඩසටහන 2023-10-10වන දින මූනමලේ ප්‍රජාශාලාවෙහිදී පැවැත්විණි .
තවත් කියවන්න: "ආර්ථික අර්බුධය හමුවේ මානසික හැඩගැස්ම" වැඩසටහන...














