හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සාමාජිකාවන්ගේ නායකත්ව ගුණාංග සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, තාක්ෂණික ආන්තීකරණයෙන් තොර නායකත්වයක් වෙනුවෙන් සැලසුම් කරන ලද වැඩමුළුවෙහි ප්‍රථම සැසිවාරය හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.27 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
තවත් කියවන්න: "තාක්ෂණික ආන්තීකරණයෙන් තොර නායකත්වයක්" වෙනුවෙන් හෝමාගම කතුන් සවිබලගැන්වේ..........
සමථකරණ සංකල්පය සහ සමථ මණ්ඩල කාර්යයෙහි නෛතික පැතිකඩ පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ඒහා සමගාමීව උඩුවන ග්‍රාම නිලධාරී වසමෙහි සහජීවන කමිටු පිහිටුවීම 2023-10-21 වනදින උඩුවන සේවා පියස පරිශ්‍රයේදී පැවැත්විණි .
"ආකල්ප සහ ජීවන ඉලක්ක සංවර්ධනය" තේමාව කොටගනිමින් හෝමාගම,ගොඩගම කාර්මික විද්‍යලයීය සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය වූ උපදේශන වැඩසටහන
තවත් කියවන්න: ගොඩගම කාර්මික විද්‍යාලයීය සිසුන් සඳහා උපදේශන වැඩසටහනක්..............
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාහිත්‍ය නිර්මාණකරුවන්, මාධ්‍යවේදීන් ප්‍රධාන කලාකරුවන් වෙනුවෙන් සංවිධානය වූ ,"වර්තමාන සමාජ ගමන්මග තුළ කලාකරුවා සහ ඔහුගේ නිර්මාණ භාවිතය කොයිබටද ?" පිළිබඳ විද්වත් දේශනය 2023-10-24 වන දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
තවත් කියවන්න: "වර්තමාන සමාජ ගමන් මග තුළ කලාකරුවා සහ ඔහුගේ නිර්මාණ භාවිතය කොයිබටද ?"..
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබන ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යාපාරයන්හි පසු විපරම් සිදු කිරීමේ වැඩසටහනක් 2023/10/24 වන දින පැවැත්විණි.














