හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ඕවිටිගම ග්‍රාම නිලධාරී වසමෙහි ස්ථාපිත කාන්තා කාර්ය සංවිධානයෙහි නිලවරණය 2024.01.09 වන දින එම වසමෙහි ප්‍රජා ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීණි.
තවත් කියවන්න: ඕවිටිගම කාන්තා කාර්ය සංවිධානයේ නිලවරණය පැවැත්වේ...................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා විශෝධන ආඥාාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "ඇබ්බැහි වීමේ චර්යාවන් පිළිබඳව දැනුවත් කිරීමේ උපදේශන වැඩසටහන" 2024-01-10 වන දින හෝමාගම අධිකරණ සංකීර්ණ රැස්වීම් ශාලාවෙහිදී පවත්වන ලදී.
තවත් කියවන්න: ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් හෝමාගම දී
සාමයේ කුමරුවන්ගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල් උත්සවයට සමගාමීව බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ,හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද " කිතු බැති ගී" ප්‍රසංගය 2023-12-20වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
තවත් කියවන්න: "කිතු බැති ගීයෙන්" හැඩ වූ හෝමාගම................
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත ස්ථාන මාරු ලැබීමෙන් අනතුරුව, නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ චමල් ඩී.තේනුවර මහතා හෝමාගම නව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීම, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා ඉදිරියේදී හතරවෙනි (4 ) බ්‍රහස්පතින්දා දින සිදු විය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, "chrysalis" පදනම සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කටයුතු අංශයෙහි එකමුතුවෙන්, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවිධානය වූ, විවිධ ගැටළු හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් 300 ක් සඳහා රුපියල් 6500ක් වටිනා පෝෂණ මලු බෙදාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික් ලේකම් /දිසාපති කේ.ජී. විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් 2023-12-19 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැත්විණි.














