පිටිපන සමෘද්ධි කලාපයට අයත් දියගම බටහිර සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් ලෝක ළමා දිනය සමරා කහතුඩුව දියගම පාර නිල්වලා භික්ෂු කිකේතන දහම් පාසලේ දරු දැරියන්ට උදෙසා උදේ තේ පැන් සංග්‍රහයක් පසුගියදා ලබාදෙන ලදී.

ජාත්‍යන්තර  දිළිඳුකම පිටුදැකීමේ දිනය යෙදුන ඔක්තෝම්බර්  මස 17 දිනෙන් ආරම්භ  කෙරුන සතිය තුල   ක්‍රියාත්මක කල  වැඩසටහන් වල " ගෙවතු  සංවර්ධන , සවිබල ගැන්වීමේ ප්‍රතිලාභීන් තෝරා ගත් දිනය" ට සමගාමීව  මත්තේගොඩ සමෘද්ධි කලාපයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාසන්හි සමෘද්ධි බැංකු සාමාජිකයින් සදහා  ගෙවතු සංවර්ධනය පිළිබද පුහුණු වැඩසටහනක් දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථ  ශාලාවේදී  කෘෂිකර්ම උපදේශක ඉන්දික  ගුණසේන මහතාගේ සම්පත් දායකත්වයෙන්  පවත්වන ලදී. 

ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය,"UN Women" ආයතනය,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  වනිතා කටයුතු අංශය මඟින් සංවිධානය වන කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික,තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40  දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියේ  ව්‍යවසායක කාන්තාවන් සඳහා  වියළි ආහාර මළු බෙදා දීමේ වැඩසටහන 2023.10.30 වන දින  සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරන ලදී.

ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිතිකරගනිමින්  ඒ හා  සමගාමීව,  මහා සංඝරත්නය විෂයෙහි පවත්වන ලද සාංඝික දානමය  පිංකම  සහ වැඩිහිටියන් උදෙසා පිරිනමන ලද දානමය  පිංකමක් 2023.10.25 වන දින නාවලමුල්ල සම්මථාරම විහාරස්ථානයේදී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ,කලාව වෙනුවෙන් මහත් මෙහෙයක් කොට මේ වන ව්ට අසනීප තත්වයේ පසුවන කලාකරුවන් වෙත නිරෝගී සුවය  සහ සෙත්පතා සංවිධානය කරන ලද බෝධිපූජාමය පිංකම 2023-10-23 වන දින හෝමාගම කටුවාන පිංබිම පූජාභූමි පරිශ්‍රයේදී සිදුකෙරුණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top