හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පානළුව ග්‍රාම නිලධාරී වසමෙහි විශාලත්වය හා භූමියේ පිහිටීම පදනම් කරගෙන ප්‍රජාව විසින් කරනා ලද ඉල්ලීමකට අනුව, ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම අනුව යමින් දැනට එම වසමෙහි ක්‍රියාත්මක වන කාන්තා කාර්ය සංවිධානයට අමතරව තවත් එක් නව කාන්තා කාර්ය සංවිධානයක් පිහිටුවීම 2023.12.10 වන දින පානළුව විද්‍යාල පරිශ්‍රෙය් දී සිදු කරන ලදී.
තවත් කියවන්න: පානළුව කතුන්ගෙ සුබ සිද්ධිය පිණිස තවත් කාන්තා කාර්ය සංවිධානයක්
හෝමාගම හේනවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ අංක 86, පැලෑදගොඩ, හේනවත්ත ලිපිනයෙහි වයස්ගතව රෝගීව තනිවම අනාරක්ෂිතව ජීවත්වූ ඩේවිට් ගුණතිලක මහතාට යහපත් ජීවිතයක් ගතකිරීමට ආරක්ෂිත නිවසක් ඉදිකර භාරදීම දෙසැම්බර් මස 04 දින ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.
තවත් කියවන්න: හේනවත්ත සමෘද්ධි සමීතියෙන් සැදෑ දිවියට අරුතක් " ලබාදෙයි....
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි , කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ සම්බන්ධව කටයුතු සිදු කරනු ලබන ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන්හි පසු විපරම් සිදු කිරීමේ වැඩසටහනක් 2023/11/30 වන දින පැවැත්විණි.
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, "UN Women" ආයතනය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා කටයුතු අංශය මඟින් මෙහෙයවන ලද කාන්තා කාර්ය සංවිධානයන්හි සාමාජික , මේවන විට ස්වයං රැකියාවක නිරතවන , තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් 40 දෙනෙකු වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතියෙහි ව්‍යවසායක කතුන් සඳහා හදිසි සහන සැපයීමේ වැඩසටහන යටතේ මෙම වියළි ආහාර මළු බෙදා දීම 2023-11-27වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
තවත් කියවන්න: ස්වයං රැකියාවන්හි නිරත කතුන් 40 දෙනෙකු සඳහා වියළි ආහාර මළු බෙදාදීම.........
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ප්‍රජා විශෝධන ආඥාලාභීන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "සමථකරණය සහ ආකල්ප සංවර්ධනය" පිළිබඳ වැඩසටහන 2023-11-29වනදින හෝමාගම අධිකරණ සංකීර්ණ රැස්වීම් ශාලාවෙහිදී පැවැත්විණි.
තවත් කියවන්න: ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා "සමථකරණය සහ ආකල්ප සංවර්ධනය" පිළිබඳ වැඩසටහනක් හෝමාගමදී














