හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , කලාකරුවන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය සංස්කෘතික අංශය හා එක්ව සුසැදි ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළයේ මහා සභා රැස්වීම 2023-09-13 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි .

හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධයකරණ කමිටුවේ ගරු  සභාපති ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.15 වන දින හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී  පවත්වන ලදී.මෙම කමිටුව සඳහා ප්‍රාදේශීය ලේකම් බ්.ඒ.ඩි චින්තක මැතිතුමා,  නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) නිලංකා එස් සම්පත් මහත්මිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය .

නව ව්‍යාපාර ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන අනාගත ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා ඒ සඳහා මඟ පෙන්වීම වෙනුවෙන් සංවිධානය වූ "ව්‍යාපාරයට  මඟ" වැඩසටහන 2023/09/12 වන  දින හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අස්වැසුම වැඩසටහනට සමගාමීව තෝරාගනු ලබන අඩුආදායම්ලාභී  හා අවදානමට ලක්වූ පවුල්  සදහා ක්‍රියාත්මක  කරනු  ලබන  ජීවනෝපාය ව්‍යාපෘති සදහා සුදුසු  ජීවනෝපාය ව්‍යාපෘති  හදුනාගැනීම ඒ සදහා   පවතින   දේශීය  වෙළදපල විශ්ලේෂණය ,  ඇගයීම  හා සංවර්ධන සැලසුම්  සකස් කිරීමේ වැඩමුළුව  සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල  මහතාගේ  ප්‍රදානත්වයෙන්  පසුගිය 12 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශයෙහි ලියාපදිංචි, ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරයන්හි සාධනීය බව පිරික්සමින් සිය ව්‍යාපාරයන් වඩාත් සාර්ථක තත්වයක් කරා ගෙනයාමට අවැසි ව්‍යාපාර උපදේශනය ලබාදීමේ වැඩසටහන 2023-09-08 වන දින, බටවල, වටරැක, නාවලමුල්ල සහ මීගොඩ  ප්‍රදේශයන් තුළ පැවැත්විණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top