හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හෙරලියාවල ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.31 වන දින සේවා පියස පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: හෙරලියාවල කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ........................
අනාගත පරපුර වෙත හෙට ලොව වගකීම් පැවරීමට ප්‍රථම ඒ සඳහා ඔවුන් බල ගැන්වීම, නිසි මගපෙන්වීම සහ අවැසි උපදේශනය ලබාදීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශන වැඩසටහන 2023-08-31 වන දින මීගොඩ ධර්මරාජ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි .
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන " සමෘද්ධි ව්‍යවසායකයින් 20,000 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය " පිළිබද හෝමාගම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.
පාසල් අධ්‍යාපනයෙන් පසු නව වැඩ ලොව වෙත එක්වෙන දරු දැරියන් සඳහා නිසි මග පෙන්වීමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන 2023.09.01 මත්තෙගොඩ විද්‍යාදීප විද්‍යාලයේදී පැවැත්විණි .
තවත් කියවන්න: වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ වැඩසටහනක් හෝමාගමදී
වැඩිහිටි දිනය මුල් කරගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියනගේ කුසලතා,හැකියා අගය කරනු පිණිස පවත්වනු ලැබූ ගායන,නර්තන ,වාදන තරගාවලියෙහි ජයග්‍රහණ රැසක් දිනාගැනීමට හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩළ සමාජික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හැකියාව ලැබුණි.
තවත් කියවන්න: හෝමාගම දෙටු පුරවැසියන් රැඟුමෙන්, ගැයුමෙන් සහ වැයුමෙන් ජය ලබයි......................














