ගැහැණු දරුවන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව "ගෝල්" එක් දින පුහුණු වැඩසටහන 2023-08-07 වන දින පිටිපන මහා විද්‍යාලයේදී පැවැත්විණි .

අනෝන්‍ය වශයෙන් රඳනා පුද්ගල චින්තනයන් තුළ විවිධත්වය පදනම් කරගෙන ඇතිවන ගැටුම්, ආරවුල් වෙනස් මුහුණුවරින් දැකීමේ වැදගත්කම, ගැටුම් ආරවුල් මානසික ශාරීරික සෞඛ්‍යට කරන බලපෑම සහ ගැටුම් ආරවුල් ඇති පවුල් සංස්ථා හඳුනා ගනිමින් ගැටුම් නිරවුල්කරණයට මග පෙන්වීමේ අරමුණ මූලික කරගනිමින්ද ගෘහය තුළ ඵලදායි සංකල්පය ක්‍රියාත්මක කිරීම, අරපිරිමැස්ම සහ ඒ සඳහා භාවිත කරන ක්‍රමෝපායන් පිළිබඳ දැනුවත් කිරීම,ගෙවතු වගාව නගා සිටවීම ආදී කරුණු ප්‍රජාව වෙත ගෙනයාම අරමුණද සහිතව මෙම වැඩසටහන 2023.08.11 වන දින දියගම , සාලවනෝධ්‍යාරාම විහාරස්ථානයෙහිදී පැවැත්විණි .

ප්‍රජා විශෝධන ආඥාලාභීන් ගේ අයහපත් චර්‍යා වෙනස් කරමින් යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2023.08.09 හෝමාගම අධිකරණ පරිශ්‍රයෙහිදී පවත්වනු ලැබීය.

අරපිරිමැස්මෙන් විදුලි පරිභෝජනය,ඵලදායි ගෙවතු වගා ක්‍රම ,පිරිසිදුකම සහ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම හඳුනාගත් ගැටුම් සහ ආරවුල් ප්‍රශ්න ඇති පවුල් වෙත යොමු වෙමින් එම ගැටලු නිරාකරණයට මාර්ගොපදේශ ලබාදීම හා සමථකරණයට යොමු කිරීම පිළිබඳ වැඩසටහන 2023-08-10 වන දින කිරිවත්තුඩුව වසමෙහිදී සිදුකරන ලදී.

අධිකරණ අමාත්‍යාංශය හා සමථ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යංශය සමග වූ එකගතාව පරිදි පාසල් අධ්‍යාපනයට සමථකරණ සංකල්පය හදුන්වාදීම වස් "අනාගත නායකයන් සඳහා සමථකරණය වැඩසටහන" 2023-08-04 දින හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වනු ලැබිණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top