හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,ගැහැණුවල ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.26 වන දින සේවා පියස පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: ගැහැණුවල කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ.
ප්‍රජාවගේ ජීවන තත්වය වඩාත් උසස් කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ගැටලු ආරවුල් අවම, නිරවුල් මනසක් පවත්වා ගැනීම සහ සමථ මණ්ඩලයේ කාර්‍යයන් , ආරවුල් නිරවුල්කරණයට සමථකරණයේ සහය සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමේ වැඩසටහන, 482 සී හේනවත්ත වසමේ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් හේනවත්ත ප්‍රජා ශාලාවෙහිදී පවත්වන ලදී.
තවත් කියවන්න: සමථකරණය හා ප්‍රජා ඵලදයිතා සංකල්පය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන.............
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.08.17 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී
හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වල සාමාජිකත්වය හිමි සමෘද්ධි හා අඩුආදායම් ලාභී පවුල් වල 2023 වසරේ පහ වසර ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවන් 197 දෙනෙකු සදහා පාසැල් අභ්‍යාස පොත් ලබාදීම පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී .
තවත් කියවන්න: හෝමාගම " සමෘද්ධි ප්‍රජා මූල සිසු බල සමාජ සත්කාරයෙන් " පාසැල් දරුවන් ට අභ්‍යාස පොත්
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කටයුතු අංශය සහ "Life For All "පදනම එක්ව , කාන්තා බල මණ්ඩල නිලධාරින් හා ළමා කාන්තා ඒකකයට පැමිණි විව්ධ අපහසුතා නිසා පීඩාවටපත් තෝරාගත් සේවාලාභීන් ඉලක්ක කරගමින් රසවින්දන වැඩසටහන 2023.08.15 වන දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.














