වර්තමානය වනවිට තරුණ පරපුර දරුණු ලෙස ඇබ්බැහිව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව පාසල් දරුවන් සවිබල ගැන්වීම සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන 2023-08-31 වන දින හබරකඩ කණිෂ්ඨ විද්‍යාලයේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව දරුවන් සවිබල ගැන්වේ...........................
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරන ලද ශ්‍රවන උපකරණ බෙදාදීමේ වැඩසටහන 2023-09-08 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
තවත් කියවන්න: ශ්‍රවනාබාධිත පුද්ගලයින් සඳහා ශ්‍රවන උපකරණ බෙදාදීමේ වැඩසටහනක්
හෝමාගම කලාප අධ්‍යාපන කාර්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ඒකකයේ පුහුණු පාඨමාලා හදාරන පුහුණු ලාභීන් ඉලක්ක කොට ගනිමින්, NVQ(RPL) සහතික ලබාගැනීමේ නිවැරදි ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-04 දින පැවැත්විණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි , ප්‍රජා විශෝධන සේවාලාභීන්ගේ මානසික සුවතාවය සහ කලාව ඇසුරින් ඔවුන්ගේ දිවිය නංවාලීම අරමුණ පෙරදැරිව සංවිධානය වූ රසවින්දන වැඩසටහන 2023-09-06 වනදින බිත්තිවල කුඹුර පුරාණ විහාර පරිශ්‍රයේදී පැවැත්විණි .
තවත් කියවන්න: ප්‍රජා විශෝධන සේවාලාභීන් සඳහා රසවින්දන වැඩසටහනක්............
උද්‍යාන අලංකරණ ක්ෂේත්‍රය තුළ දැනටමත් රැකියාවක නියැලෙන සහ අනාගතයේදී උද්‍යාන අලංකරණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීමට අපේක්ෂා කරන්නන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ උද්‍යාන අලංකරණ පුහුණු වැඩමුළුව 2023-09-07 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
තවත් කියවන්න: උද්‍යාන අලංකරණ පුහුණු වැඩමුළුව ඇරඹේ...............














