හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන "ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය -2023" සැප්තැම්බර් මස 27වන දින  ප.ව.  2.00 ට   කොළඹ දිස්ත්‍රික් ලේකම්  කේ,ජී.විජේසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පැවැත්වේ.

පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සහ වෘත්තීය පුහුණුවේ කාලීන අවශ්‍යතාව  පිළිබඳ රැකියා සහ පුහුණු අපේක්ෂිත  තරුණ ප්‍රජාව සහ  දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2023-09-20 වනදින, හබරකඩ දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි , ශෛලන්තාරාම විහාරස්ථානයේදී  පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම ග්‍රාම නිලධාරී වසමෙහි "රන්ලිය" කාන්තා කාර්ය සංවිධානයෙහි මාසික රැස්වීම 2023-09-17වන දින එම වසමෙහිදී පැවැත්විණි

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේනවත්ත සහ  මුල්ලේගම දකුණ යන ග්‍රාම නිලධාරී වසම් ද්විත්වයෙහි  කාන්තා කාර්ය සංවිධානයන්  මගින් සංවිධානය කරන ලද  මාසික පොළ 2023.09.16 වන දින සාර්ථකව පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,  හේනවත්ත  ග්‍රාම නිලධාරි  වසමෙහි දෙමාපියන් සහ දූදරුවන් ඉලක්ක කරගනිමින් සංවිධානය වූ "යොවුන් වියේ ගැටලු අවම කිරීම" පිළිබඳ වැඩසටහන   2023-09-14 දින  එම වසමෙහිදී  පවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top