හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , පාලගම ග්‍රාම නිලධාරී වසමෙහි,කාන්තා කාර්ය  සංවිධානය මගින් සංවිධානය කරන ලද  එක් දින රූපලාවණ්‍ය වැඩමුළුව ,2023-09-21 වන දින පාලගම ශ්‍රි වර්ධනාරම විහාරස්ථානයේ දී සාර්ථක ව පවත්වන  ලදී.

ආහාර විජලනය සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ තාක්ෂණික පුහුණු  වැඩමුළුව 2023/09/23 වන දින වටරැක උතුර වසමෙහි  පැක්මාස්ටර් සිලෝන් ආයතනයේ දි පවත්වන ලදි .

බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින්  වැඩිහිටි දින සැමරුම් උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ සමූහ ගායනා තරගයේ දෙවන ස්ථානය හා සමූහ  නර්තන තරගයේ තුන්වන ස්ථානය ලබමින් , ජයග්‍රහණ අතපත් කර  ගැනීමට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වැඩිහිටි බල මණ්ඩලය සමත් විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධමුල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි , "ප්‍රජාපති "කාන්තා කාර්ය සංවිධානය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද මාසික  පොළ 2023.09.23 වන දින පැවැත්විණි .

ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස හෝමාගම - කටුවාන මංසන්ධියේ නිරතුරුව ඇතිවන රථවාහන තදබදය මඟහැරීම පිණිස එම මංසන්ධිය මග හැරෙන පරිදි මහා මාර්ග සංවර්ධන  අධිකාරිය විසින් අභිනවයෙන් කාපට් අතුරා ඉදිකළ හෝමාගම - කටුවාන බයිපාස්   මාර්ගය දෙපස සෙවන වන පරිදි හා පරිසරයට පිරිිසිදු වාතය ලැබෙන පරිදි රුක් රෝපණය කිරීමේ වැඩසටහනක්  2023.09.23 දින එම පරිශ්‍රයේදී  පැවැත්විණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top